Header

Sri Lanka Army

Defender of the Nation

19th June 2021 20:58:51 Hours

112 වන බලසේනාවේ භටපිරිස් හදිසියේ ඇතිවු ගින්නක් මැඩපවත්වයි

බදුල්ල දිස්ත්‍රික්කයේ බණ්ඩාරවෙල, දෝව ප්‍රදේශයේ අඹදන්ඩේගම කඳුවැටියේ ඉකුත් බ්‍රහස්පතින්දා (17) දින හදිසියේ හටගත් ගින්නක් මැඩපැවැත්වීමට ආරක්‍ෂක සේනා මුලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 11 වන සේනාංකයට අයත් 112 වන බලසේනාවේ භටපිරිස් සමත්වූහ. පසුගිය ඉරිදා (13) දින දෝව ප්‍රදේශයේවැවේගොඩ කඳුවැටියේ හදිසියේ ඇති වූ ගින්න මැඩපැවැත්වීමට සමත් වූ භටපිරිස් විසින්ම මෙම ගින්න ද මැඩපැවැත්වීමට සමත්වී තිබිණි.

අඹදන්ඩේගම කඳු වැටියේ ඇති වූ ගින්න පිළිබද සැල වූ විගස ක්‍රියාත්මක වූ භටපිරිස් එම ස්ථානයට පැමිණ පැය කිහිපයක් තුල ගින්න මැඩපැවැත්වුහ.

ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් රංජන් ලමාහේවා සහ 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කිත්සිරි ලියනගේ ලබාදුන් උපදෙස් මත 112 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් අනුර දිසානායකගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ ගින්න මැඩපැවැත්වීමේ කටයුතු සිදුකෙරිණි.