Header

Sri Lanka Army

Defender of the Nation

18th June 2021 09:43:51 Hours

යුද්ධ හමුදා භටපිරිස්වල සම්බන්ධීකරණයෙන් සහන මලු බෙදාදෙති

ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 61 වන සේනාංකය යටතේ ඇති 613 වන බලසේනාවේ භටපිරිස් ඉකුත් බදාදා (16) දිනඅකුරැස්ස රෝහලේ ස්ථාපිත අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබන පුද්ගලයින් අතරවියළි සලාක සහ සනීපාරක්ෂක භාණ්ඩ තොගයක් බෙදා දුන්හ.  

මෙම භාණ්ඩ තොගය පරිත්‍යාගශීලීන් පිරිසකගේ අනුග්‍රහය ඇතිවකොවිඩ් - 19 වෛරසය ආසාදිත රෝගීන් 50 දෙනෙකුන් වෙත ලබා දෙන ලදී. කොවිඩ් - 19 වෛරසය ආසාදිත පවුල්වල සාමාජිකයන් සඳහා සහ එම රෝගීන්ගේ අවශ්‍යතාවයන් සැලකිල්ලට ගනිමින් මෙම පරිත්‍යාගයන් සිදුකරන ලදී.

මෙම වැඩසටහන ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් විකුම් ලියනගේ ගේ අධීක්‍ෂණය යටතේ 61 වන සේනාංකයේ සේනාංකාධිති මේජර් ජෙනරල් ධම්මි හේවගේ සහ 613 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් උපාලි කොඩිතුවක්කු ගේ සම්බන්ධීකරණය සහ අධීක්‍ෂණය යටතේ ක්‍රියාත්මක කරන ලදී.