Header

Sri Lanka Army

Defender of the Nation

18th June 2021 11:58:15 Hours

5 වන ශ්‍රී ලංකා කාන්තා බලකායේ කාන්තා සෙබලියන් කාබනික පොහොර නිෂ්පාදනය ආරම්භ කරයි

අතිගරු ජනාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් චන්න වීරසූරියගේ මඟපෙන්වීම මත කාබනික පොහොර කිලෝග්‍රෑම් 160,000 ක් නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතියක් 5 වන ශ්‍රී ලංකා කාන්තා බලකායේ කාන්තා සෙබලියන් විසින් 2021 මැයි මස 16 වන දින ආරම්භ කළේය.

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර පරිශ්‍රයේ ක්‍රියාත්මක කරනු ලබන මෙම ව්‍යාපෘතිය තුළින් දිරාපත් වූ වියළි කොළ, තණකොළ, මුළුතැන්ගෙයි අපද්‍රව්‍ය සහ කඳවුරු භූමියේ හා ඒ අවට අපද්‍රව්‍ය, කසළ උපයෝගී කරගනිමින් කාබනික පොහොර නිෂ්පාදනය කරනු ලබයි.

2021 මැයි මස 16 වන දින ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතිය 5 වන ශ්‍රී ලංකා කාන්තා බළකායේ අණදෙන නිලධාරී මේජර් එල්. රත්නපාලගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කරනු ලබයි.