Header

Sri Lanka Army

Defender of the Nation

20th June 2021 06:45:25 Hours

මේජර් ජෙනරල් සිරිල් රණතුංගගේ (විශ්‍රාමික) දේහය පිළිබද අවසන් කටයුතු බොරැල්ල කනත්තේදී සිදු කෙරිණ

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙන් බිහිවුකීර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු මෙන්ම හිටපු ආරක්‍ෂක ලේකම් සහ යුද්ධ හමුදා හිටපු මාණ්ඩලික ප්‍රධානි ජෙනරල් සිරිල් රණතුංග (විශ්‍රාමික)පසුගියදා සිය අවසන් සුසුම් පොද වා තලයට මුසුකල අතර, එතුමන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතුඉකුත් බ්‍රහස්පතින්දා (17) දින සන්ධ්‍යාවේ බොරැල්ල පොදු සුසාන භූමියේදි සිදුකෙරිණි.

එතුමන් වෙත අවසන් ගෞරවාචාර දැක්වීම සඳහා අවමංග්‍ය උත්සව අවස්ථාවට පවුලේ සාමාජිකයන් සමග ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සමග එම මැතිණිය යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපති සුජිවා නෙල්සන් මහත්මිය සහභාගී වූහ.  

ජෙනරල් සිරිල් රණතුංගගේ (විශ්‍රාමික) දේහය පිළිබදඅවසන් කටයුතු පවුලේ සාමාජිකයන්ගේ ඉල්ලීම පරිදි සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනූකූලව හමුදා ගෞරවාචාර රහිතව ඉතා සීමිත පිරිසගේ සහභාගීත්වයෙන් සිදු කරන ලදී.