17th June 2021 18:31:54 Hours
රාජගිරියේ පිහිටි කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී ඉකුත් බදාදා (16) දින පැවති සාකච්ඡාවේදී කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීම, අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ලබන සංචරණ සීමාවන්, PCR පරීක්ෂණ පැවැත්වීම,සංචරණ සීමාවන් පැනවීමේ ප්‍රතිඵල ඇගයීම, නව ප්‍රභේද හදුනාගැනීම,සමාජයේ බලපෑමට ලක් වූ රෝගීන් කෙරෙහි අවධානය යොමු කිරීම, නව ආසාදිතයින් ව්‍යාප්ත වෙමින් පවතින ප්‍රදේශවල පුද්ගලයින් PCR පරීක්‍ෂණ සඳහා යොමුකිරීම, ආසාදිතයින්සහ මරණ සංඛ්‍යාව හා සබැඳි නිවැරදි තොරතුරු ලබාගැනීම සඳහා ගතයුතු පියවරයන් පිළිබඳ, අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන නඩත්තු කිරීම සහ හදිසි අවස්ථාවන් සඳහා සූදානම් වීමයන කරුණු පිළිබඳ අවධාරණය කරන ලදී.
කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානකාර්ය සාධක බලකායේ සාමාජිකයින්, වෛද්‍ය විශේෂඥයින් සහපරිපාලකයින් ඇතුලු පිරිසක් සහභාගී වූහ.
ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා දැනට පවත්නා ක්‍රමවේදය පිළිබද අතිගරු ජනාධිපතිතුමන් දැනුවත් කළ බව සාකච්ඡාවට පැමිණි පිරිස දැනුවත් කළේය. නිශ්චිත තොරතුරු සහ ක්‍රියාමාර්ග මහජනතාව වෙත කඩිනමින් හෙලිකළ යුතුබව පැවසු හෙතෙම රටපුරා සිදුකරනු ලබන එන්නත්කරණ වැඩසටහන් පිළිබඳ තොරතුරු සහ වර්ථමාන තත්ත්වය පිළිබදවද සාකච්ඡා කළේය.කොවිඩ් - 19 වෛරසය ආසාදනය වීමෙන් සිදුවන මරණ සංඛ්‍යාව හා සබැඳි නිවැරදි තොරතුරු ලබාගැනීම සහ ප්‍රමාදයකින් තොරව මහජනතාව වෙත දැනුම්දීම පිළිබද හා තවදුරටත් එම තොරතුරු කඩිනමින් මහජතාව වෙත ලබාදීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබදව ද කරුණු අවධාරණය කළේය.
අනතුරුව, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් වර්තමානයේදී හඳුනාගෙන ඇති වසංගතයේ ගෝලීය තත්ත්වය, ශ්‍රී ලංකාවේ නවතම තත්ත්වය, මරණසංඛ්‍යා, ආසාදිතයින්, අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන, රෝගීන්, රෝහල්, දැඩි සත්කාර ඒකකයන්හී පහසුකම්, දැඩි සත්කාර ඒකක නොවන පහසුකම් සහ භූමදානය කිරීම යන ආදි කරුණු පිළිබදසාකච්ඡා කළේය.තවද, හදුනාගන්නා ආසාදිතයින් ඇදට සීමාකර විවේකය ලබාදීමට හැකිනම් මරණ සංඛ්‍යාව අවම කරගතහැකි බව දහෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේය. එසේම විශේෂඥ රෝග විද්‍යා අශයේ වෛද්‍යවරුන් මෙන්ම අනෙකුත් සම්පත් දායකයින් ද මෙහිදි අදහස් ප්‍රකාශ කළේය.