Header

Sri Lanka Army

Defender of the Nation

18th June 2021 15:12:50 Hours

පවතින සංචරණ සීමාවන්සඳුදා (21) දින ඉවත් කර බදාදා (23) දිනනැවත පැනවීමට නියමිතය.

දිවයිනපුරා ක්‍රියාත්මකවන සංචරණ සීමාඑළඹෙන සඳුදා (ජූනි 21) දින අලුයම 4.00 ට ඉවත් කර යලි බදාදා (ජූනි 23) දිනරාත්‍රී 10.00 ට නැවත පනවනු ලැබේ. නැවත පනවනු ලැබු සංචරණ සිමාවන් සිකුරාදා (ජුනි 25) දින අලුයම 4.00 දක්වා පවතින බවආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධාන ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කරයි.

සංචරණ සීමාවන් ඉවත්කිරිමෙන් පසුව ද පවතින සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ඒ අයුරින්ම අනුගමනය කරමින් කොවිඩ්-19වෛරසය තවදුරටත් පැතිරීම වැළැක්වීම සදහාසහය ලබාදෙන ලෙස හෙතෙම මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.

යුද්ධ හමුදාධිපතිතුමන් කරන ලද ප්‍රකාශය ඇතුලත් සම්පූර්ණ වීඩියෝ පටය පහතින් දැක්වේ: