Header

Sri Lanka Army

Defender of the Nation

15th June 2021 16:33:28 Hours

112 වන බලසේනාවේ භටපිරිස් හදිසියේ ඇතිවු ගින්නක් මැඩපවත්වයි

බදුල්ල දිස්ත්‍රික්කයේ බණ්ඩාරවෙල, දෝව ප්‍රදේශයේ වැවේගොඩ කඳුවැටියේ ඉකුත් ඉරිදා (13) දින හදිසියේ හටගත් ගින්නක් මැඩපැවැත්වීමට ආරක්‍ෂක සේනා මුලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 11 වන සේනාංකයට අයත් 112 වන බලසේනාවේ භටපිරිස් සමත්වූහ.

එම ප්‍රදේශයේ පැවැති එන්නත් කරණ වැඩසටහනකට සහයෝගය ලබාදුන් භටපිරිස්, මේ පිළිබඳ සැලවු වහාම එම ස්ථානයට පැමිණ පැය කිහිපයක් තුල ගින්න මැඩපැවැත්වුහ.

ගින්න මැඩපැවැත්වීමේ කටයුතු 112 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් අනුර දිසානායකගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ සිදුකෙරිණි.

එසේම, බදුල්ල දිස්ත්‍රික්කයේ එලදළුව, දෙමටවැල්හින්න ප්‍රදේශයේ ඉකුත් සෙනසුරාදා (12) දින හදිසියේ හටගත් ගින්නක් මැඩපැවැත්වීමට 112 වන බලසේනාවේ භටපිරිස් සමත්වුහ.

ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් රංජන් ලමාහේවා සහ 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කිත්සිරි ලියනගේ ලබාදුන් උපදෙස් මත 112 වන බලසේනාවේ බලසේනාධිපතිගේ අධීක්‍ෂණය යටතේ ගින්න මැඩපැවැත්වීමේ කටයුතු සිදුකෙරිණි.