Header

Sri Lanka Army

Defender of the Nation

15th June 2021 12:33:28 Hours

ගර්භනී කාන්තාවන්ට වියලි සලාක පාර්සල් බෙදාදෙති

කොවිඩ්-19 වෛරසය දිවයින පුරා පැතිරයාම වැළැක්වීම සඳහා සංචරණ සීමා පැනවීම හේතුවෙන් දුෂ්කරතාවයට පත් පවුල්වල ගර්භනී කාන්තාවන් වෙත වියළි සලාක පාර්සල් බෙදාදීමේ වැඩසටහනක් පසුගිය බ්‍රහස්පතින්දා පැවැත්විණි.

කල්විලාන්, තේවන්පිඩ්ඩි, නච්චිකුඩා සහ මුලන්කාවිල් යන ප්‍රදේශවල ග්‍රාම නිලධාරී කොට්ඨාසවලින් තෝරාගත් ගර්භනී කාන්තාවන් වෙත 19 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් මෙලෙස වියලි සලාක පාර්සල් බෙදාදෙන ලදී.

65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ටිකිරි දිසානායක ලබාදුන් උපදෙස් මත 651 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් වසන්ත බණ්ඩාර ගේ අධීක්‍ෂණය යටතේ මෙම වැඩසටහන පැවැත්විණි.

ගර්භනී කාන්තාවන් වෙත වියලි සලාක බෙදාදීමේ අවස්ථාවට 65 වන සේනාංකයේ සේනාංකාධිපති ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ 19 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරී සහභාගි වූහ.