Header

Sri Lanka Army

Defender of the Nation

15th June 2021 19:17:04 Hours

2022 වසර වනවිට ශ්‍රී ලංකාව බිම්බෝම්බ වලින් තොර දේශයක් බවට පත් කරන බවට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව පවසයි

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ලබාදුන් උපදෙස් මත ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුවට අනුයුක්තශ්‍රී ලංකා යුද්ධ හමුදා මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරීමේ ඒකකය,2022 වර්ෂය අවසන් වනවිට ශ්‍රී ලංකාව බිම්බෝම්බවලින් නිදහස් රටක් බවට පත් කිරීමේ අපේක්‍ෂාවෙන් කාර්යක්‍ෂමව බිම්බෝම්බ ඉවත් කිරීමේ කාර්යභාරය ඉටුකරමින් සිටියි.

රටේ ප්‍රමුඛතම බිම්බෝම්බ ඉවත් කිරීමේ සංවිධානය ලෙස,2002 වසරේ සිට ශ්‍රී ලංකාවේ බිම්බෝම්බ ඉවත් කිරීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදුකරන එකම රාජ්‍ය ආයතනය වනශ්‍රී ලංකා යුද්ධ හමුදා මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරීමේ ඒකකය,උතුරු ප්‍රදේශයේවර්ග කිලෝමීටර් 1316.65 ක භූමිප්‍රමාණයෙන් වර්ග කිලෝමීටර 886.19 ක පුපුරණ ද්‍රව්‍ය ඉවත් කර ඇත. අනෙකුත් සියලුම ජාත්‍යන්තර හා රාජ්‍ය නොවන බිම්බෝම්බ ඉවත් කිරීමේ ආයතන / සංවිධාන මේ වනවිට වර්ග කිලෝමීටර් 417.12 ක පමණ පුපුරණ ද්‍රව්‍ය ඉවත් කර ඇත. ජාතික අවශ්‍යතාවය සපුරාලමින්ශ්‍රී ලංකාව බිම්බෝම්බවලින් නිදහස් රටක් ලෙස ප්‍රකාශයට පත් කිරීම සඳහා තවත් වර්ග කිලෝමීටර් 13.34 ක පමණ භූමි ප්‍රමාණයක් ඉතිරිව ඇත.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරීමේ ඒකකයවිසින් මේ දක්වාසිදුකරන ලද මෙහෙයුම් වලදී පුද්ගල නාශක බිම්බෝම්බ 99,727 ක්, යුද ටැංකි නාශක බෝම්බ 223 ක් සහ තවත් පුපුරණ ද්‍රව්‍ය 42,919 ක් සොයා ගෙන ඇත.

බූ ඔය පිහිටි ක්ෂේත්‍ර ඉංජිනේරු බලසේනා මුලස්ථානයේ පසුගියදා පැවැති සාකච්ඡාවකට එක්වූ ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු සහ ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුවේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් නිහාල් අමරසේකර ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්,දැනට ක්‍රියාත්මක වන බිම්බෝම්බ ඉවත් කිරීමේ මෙහෙයුම්වල ප්‍රගතිය පිළිබඳ සොයාබැලිම සඳහා 2021 ජුනි මස 12 සහ 13දිනයන් තුළ උතුරු ප්‍රදේශයේ සංචාරය නිරත වුහ.

මේජර් ජෙනරාල් නිහාල් අමරසේකර ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිස, ක්ෂේත්‍ර ඉංජිනේරු බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් දුමිදු ජයසිංහ සහ බිම්බෝම්බ සඳහා ක්‍රියාකාරී ප්‍රාදේශීය කාර්යාලය - කිලිනොච්චි නිලධාරීන් සමඟ මුලතිව්, යාපනය සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල සිදුකරනු ලබන බිම්බෝම්බ ඉවත් කිරීමේ මෙහෙයුම් නිරීක්‍ෂණය කළහ. පසුව, ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු සහ ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුවේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් නිහාල් අමරසේකර, මුහමලෙයි සහ පලාලි ප්‍රදේශවල අඛණ්ඩව සිදුකරනු ලබන මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරීමේ මෙහෙයුම් පිළිබඳව ද නිරීක්‍ෂණය කළහ.

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත සිදුකරනු ලබන බිම් බෝම්බ ඉවත් කිරීමේ මෙහෙයුම් කඩිනම් සිදුකර ජාතික ඉලක්කය කරා ළඟාවීමේ වැදගත්කම මෙම ක්ෂේත්‍ර සංචාරය අතරතුරප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු මේජර් ජෙනරාල් නිහාල් අමරසේකරවිසින් අවධාරණය කරන ලද අතර අපේක්‍ෂිත පරිදි, 2022 වර්ෂය අවසන් වනවිට ශ්‍රී ලංකාව බිම්බෝම්බවලින් නිදහස් රටක් ලෙස ප්‍රකාශයට පත් කිරීම සඳහා බිම්බෝම්බ ඉවත් කිරීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදුකිරීම සහ ඒ හා සම්බන්ධව පවතින වෙනත් ප්‍රායෝගික කරුණු පිළිබඳ මෙහිදි සාකච්ඡා කළේය.