Header

Sri Lanka Army

Defender of the Nation

14th June 2021 21:36:46 Hours

ගතවු 24 පැය තුළ වැඩිම ආසාදිතයින් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වාර්තා කරයි

අද (15) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 2,284 දෙනෙකු හඳුනාගෙන ඇත. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, ඒ ආසාදිතයින් 526 ක් ලෙසය. එම පුද්ගලයින් අතර මීගහවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් ආසාදිතයින් 65 දෙනෙකු ද, රාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් ආසාදිතයින් 63 දෙනෙකු සහ දොම්පේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් ආසාදිතයින් 59 දෙනෙකු වාර්තා වේ. සෙසු පුද්ගලයින් දිස්ත්‍රික්කයෙහි අනෙකුත් ප්‍රදේශවලින් වාර්තා වේ.

තවද, කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 287 දෙනෙකු වාර්තා වේ. එම පුද්ගලයින් අතර පිලියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් ආසාදිතයින් 36 දෙනෙකු, අවිස්සාවේල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් ආසාදිතයින් 34 දෙනෙකු සහ කොස්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් ආසාදිතයින් 32 දෙනෙකු වාර්තා වේ. සෙසු පුද්ගලයින් දිස්ත්‍රික්කයෙහි අනෙකුත් ප්‍රදේශවලින් වාර්තා වේ.

රත්නපුර දිස්ත්‍රික්කයෙන් ද ආසාදිතයින් 260 දෙනෙකු වාර්තා වන අතර එම පුද්ගලයින් අතරින් කිරිඇල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වේ. ඒ ආසාදියින් 70 ක් ලෙසය. ඊට අමතරව, කලවාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් ආසාදිතයින් 37 දෙනෙකු සහ රක්වාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් ආසාදිතයින් 33 දෙනෙකු වාර්තා වේ. අනෙක් ආසාදිතයින් දිස්ත්‍රික්කයේ සෙසු ප්‍රදේශවලින් වාර්තා වේ.

ඒ අනුව ගතවූ විසිහතර පැය තුළ දිවයිනේ වැඩිම ආසාදිතයින් පිරිසක් හමුවූ ගම්පහ, කොළඹ සහ රත්නපුර යන දිස්ත්‍රික්කයන් තුළින් ආසාදිතයින් 1,073 දෙනෙකු වාර්තා වන අතර, ඉතිරි ආසාදිතයින් 1,211 අතර, කලුතර දිස්ත්‍රික්කයෙන් 155 දෙනෙකු ද, ගාල්ල දිස්ත්‍රික්කයෙන් 134 දෙ‍ෙනකු ද, නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 123 දෙනෙකු ද, බදුල්ල දිස්ත්‍රික්කයෙන් 98 දෙනෙකු ද, මහනුවර දිස්ත්‍රික්කයෙන් 93 දෙනෙකු ද, පුත්තලම දිස්ත්‍රික්කයෙන් 91 දෙනෙකු ද, කෑගල්ල දිස්ත්‍රික්කයෙන් 77 දෙනෙකු ද, යාපනය දිස්ත්‍රික්කයෙන් 61 දෙනෙකු ද, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 59 දෙනෙකු ද, මඩකලපුව දිස්ත්‍රික්කයෙන් 47 දෙනෙකු ද, මාතලේ දිස්ත්‍රික්කයෙන් 40 දෙනෙකු ද, හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් 35 දෙනෙකු ද, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් 31 දෙනෙකු ද, කිලිනොච්චි දිස්ත්‍රික්කයෙන් 30 දෙනෙකු ද, මොණරාගල දිස්ත්‍රිකයෙන් 29 දෙනෙකු ද, පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන් 15 දෙනෙකු ද, වවුනියාව දිස්ත්‍රික්කයෙන් 13 දෙනෙකු ද, මාතර දිස්ත්‍රික්කයෙන් 12 දෙනෙකු ද, අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් 08 දෙනෙකු ද, මන්නාරම දිස්ත්‍රික්කයෙන් 05 දෙනෙකු සහ මුලතිව් දිස්ත්‍රික්කයෙන් එක් පුද්ගලයෙකු වාර්තා වේ.