Header

Sri Lanka Army

Defender of the Nation

13th June 2021 14:14:22 Hours

231 වන බලසේනාවේ භටපිරිස් වියළි සලාක පාර්සල් තොගයක් පරිත්‍යාග කරයි

ආරක්‍ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 23 වන සේනාංකයට අයත් 231 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් විජිත හෙට්ටිආරච්චිගේ උපදෙස් මත රුපියල් 2500/= ක වටිනාකමින් යුතු වියලි සලාක පාර්සල් සහ දිවා ආහාර පාර්සල් තොගයක් මඩකලපුව දිස්ත්‍රික්කයේ කොක්කඩිචෝලෙයි, මුනිකාඩු දකුණු ප්‍රදේශයේ ජිවත්වන අඩු ආදායම්ලාභි පවුල් වෙත පසුගිය සිකුරාදා (11) දින පරිත්‍යාග කළේය.      

කොවිඩ්-19 වෛරසය හේතුවන් දිවයින පුරා පනවා ඇති සංචරණ සීමාවන් පැනවීමෙන් පීඩාවට පත් ප්‍රදේශයේ ජනතාවට සහන සැලසීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියත්මක කරන ලදී.

231 වන බලසේනාවේ බලසේනාධිපත බ්‍රිගේඩියර් විජිත හෙට්ටිආරච්චි, 231 වන බලසේනාවේ සිවිල් සම්බන්ධිකරණ නිලධාරි, 11 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී, අනෙකුත් නිලධාරීන් සහ සෙසුනිලයින් එක්ව නිවෙස් වෙත ගොස් මෙම වියලි සලාක පාර්සල් ප්‍රදානය කරන ලදී.