Header

Sri Lanka Army

Defender of the Nation

11th June 2021 20:05:09 Hours

දිඹුලාගල ආරණ්‍ය සේනාසනය එළවලු තොගයක් පරිත්‍යාග කරයි

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් චන්න වීරසුරිය ගේ උපදෙස් මත එම ආරක්‍ෂක සේනා මුලස්ථානයේ භටපිරිස් පසුගිය බදාදා (09) දින දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ වෙත එළවලු තොගයක්පරිත්‍යාග කරන ලදී.

භික්‍ෂුන් වහන්සේලා 100 කට වැඩි ප්‍රමාණයක් වැඩවාසය කරන මෙම ආරණ්‍ය සේනාසනය වෙත දේශීය පරිත්‍යාගශීලීන් කිහිපදෙනෙකුගේ නොමසුරු සහයෝගය ඇතිව එළවලු කිලෝග්‍රෑම් 200 කට වැඩි ප්‍රමාණායක් පරිත්‍යාග කරන ලදී.

මෙම පරිත්‍යාග වැඩසටහනට කඩවත්මඩුව විහාරස්ථානයේ විහාරධිපති පූජ්‍ය වජිරාලංකාර හිමියන්, අරක්‍ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් උපුල් වීරකෝන් සහ සිවිල් සම්බන්ධිකරණ නිලධාරි ලුතිනන් කර්නල් ලාල් ගමගෙදර සහභාගි වූහ.