Header

Sri Lanka Army

Defender of the Nation

11th June 2021 22:05:09 Hours

පරිත්‍යාගශීලින්ගේ අනුග්‍රහය ඇතිව යුද්ධ හමුදා සාමාජිකයින් වියලි සලාක පාර්සල් තොගයක පරිත්‍යාග කරයි

වැල්ලම්පිටිය, කඩුවෙල සහ කැලණිමුල්ල යන ප්‍රදේශවල ගංවතුරෙන් පීඩාවට පත් අඩු ආදායම්ලාභි පවුල්වල ජනතාවට වියලි සලාක ඇසුරුම් බෙදාහැරීමේ වැඩසටහනක් පසුගිය සඳුදා (07) දින ආරක්‍ෂක සේනා මුලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 වන සේනාංකයේ භටපිරිස් විසින් සිදුකරන ලදී.

ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු විසින් රුපියල් 200,000 කට වඩා වැඩි වටිනාකමකින් යුත් සහල්, පරිප්පු, සීනි, කිරිපිටි, ලුණු, තේ කොළ, ළූණු ආදිය අඩංගු මෙම වියලි සලාක පාර්සල් තොගය පීඩාවට පත් ජනතාව වෙත බෙදාහැරීම සඳහා පරිත්‍යාග කළේය. ඒ අනුව, 2 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් මෙම වියලි සලාක ඇසුරුම් පවුල් 100 ක් අතර බෙදාදෙන ලදී.

මේ අතර, 2 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් පසුගිය බ්‍රහස්පතින්දා (10) දින කොටුවිල, වැලිවිට සහ වැක්කවත්ත යන ප්‍රදේශවල ගංවතුරෙන් පීඩාවට පත් අඩු ආදායම්ලාභි පවුල්වල ජනතාව වෙත ජල බෝතල් 480 ක් බෙදාදෙන ලදී.

ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් විකුම් ලියනගේ සහ 14 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සුජිව සෙනරත් යාපා ලබාදුන් උපදෙස් මත 144 වන බලසේනාවේ බලසේනාධිපතිගේ අධීක්‍ෂණය යටතේ මෙම සහන සේවා මෙහෙයුම් ක්‍රියාවට නැංවිණි.