Header

Sri Lanka Army

Defender of the Nation

11th June 2021 21:59:10 Hours

කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීමේ කාර්යභාරයේ ඉදිරිපෙළ සාමාජිකයින්ට ‘සන්ක්වික්’ බීම තොගයක් පරිත්‍යාග කෙරේ

කොවිඩ්-19 වෛරසය දිවයින පුරා පැතිරීම වැළැක්වීම සඳහා ඉදිරිපෙළ දැවැන්ත කාර්යභාරයක් ඉටුකරනු ලබන ත්‍රිවිධ හමුදා සාමාජිකයින් අතර බෙදාහැරීම සඳහා සන්ක්වික් පළතුරු බීම ඇසුරුම්100,000 ක් සීමාසහිත ‘සන්ක්වික් ලංකා’සමාගමේ කළමණාකරණ අංශයේනියෝජිතයින් කණ්ඩායමක් විසින් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත ප්‍රදානය කරන ලදී.

'සන්ක්වික් ලංකා' සමාගමේ කළමණාකාර අධ්‍යක්‍ෂ මංගල පෙරේරා මහතා, සාමාන්‍යාධිකාරී චන්දිම සමරසිංහ මහතා සහ උපදේශක පද්මලාල් ද සිල්වා මහතා අද (11) දින උදෑසන යුද්ධ හමුදා මුලස්ථානය වෙත පැමිණිමෙන් පසුව කොවිඩ්-19 වෛරසය දිවයින පුරා පැතිරයාම වැළැක්වීම සඳහා දැවැන්ත කාර්යභාර්යක් ඉටුකරනු ලබන ත්‍රිවිධ හමුදා සාමාජිකයින් අතර බෙදාදීම සඳහා යුද්ධ හමුදාධිපතිතුමන් වෙත පරිත්‍යාග කල රුපියල් මිලියන 6 ක වටිනාකමින් යුත් මෙම බිම බෝතල් තොගයේ එක් බෝතලයක් මිලිලිටර් 200 ක ධාරිතාවයකින් යුක්තය.

ත්‍රිවිධ හමුදා සාමාජිකයින් විසින් කොවිඩ්-19 වෛරසය දිවයින පුරා පැතිරයාම වැලැක්වීම සඳහා සිදුකරනු ලබන කාර්යභාර්ය අගය කරමින් පරිත්‍යාගශීලින් විසින් සිදුකරනු ලැබු පරිත්‍යාගය වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් සිය කෘතඥතාවය පුද කළේය.

යුද්ධ හමුදාධිපතිතුමන් සමඟ පැවැති මෙම සුහද හමුවට 'සන්ක්වික් ලංකා' සමාගමේ කළමණාකාර අධ්‍යක්‍ෂ මංගල පෙරේරා මහතා, සාමාන්‍යාධිකාරී චන්දිම සමරසිංහ මහතා සහ උපදේශක පද්මලාල් ද සිල්වා මහතා සහභාගි වුහ.