Header

Sri Lanka Army

Defender of the Nation

09th June 2021 10:21:38 Hours

කොවිඩ්-19 වෛරසය ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර සිදුකිරීම සඳහා කඹුරුපිටිය අඩපාන රෝහල් පරිශ්‍රයේ වාට්ටුවක් ඉදිකෙරේ

කොවිඩ්-19 වෛරසය ආසාදිත ගර්භණී කාන්තාවන්ට ප්‍රතිකාර සිදුකිරීම සඳහා මාතර දිස්ත්‍රික්කයේ පිහිටි කඹුරුපිටිය අඩපාන රෝහල් පරිශ්‍රයේ නව අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ඉදිකිරීම සඳහා පසුගියදා මුල්ගල තබන ලදී. 61 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් දම්මි හේවගේ ලබාදුන් උපදෙස් මත මෙය ක්‍රියාවට නැංවිණි.

613 බලසේනාවේ භටපිරිස් සෞඛ්‍ය බලධාරීන් සමඟ එක්ව නව වට්ටු සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු සිදුකරනු ලබයි.

දිවයින පුරා කොවිඩ්-19 වෛරසය ආසාදිත රෝගින් දිනෙන් දින ඉහළයාමත් සමඟ රෝගීන්ට ප්‍රතිකාර සිදුකිරීම සඳහා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමේ කර්යභාරයේ පෙරමුණ ගෙන කටයුතු කල ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් විකුම් ලියනගේ වෙත ලබාදුන් උපදෙස් මත කඹුරුපිටිය අඩපාන රෝහල් පරිශ්‍රයේ නව අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම සඳහා පියවර ගත්තේය. සියලු වෛද්‍ය පහසුකම්වලින් සමන්විතව ඉදිකිරීමට යෝජිත නව වාට්ටු සංකීර්ණයේ අවම වශයෙන් රෝගින් 30 දෙනෙකුට නේවාසිකව ප්‍රතිකාර සිදුකල හැකිය.

මෙම ඉදිකිරීම් කටයුතු 613 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් උපුල් කොඩිතුවක්කුගේ අධීක්‍ෂණය යටතේ එම බලසේනාවේ භටපිරිස් විසින් සිදුකරනු ලබයි.