Header

Sri Lanka Army

Defender of the Nation

09th June 2021 10:14:37 Hours

ගැමුණු හේවා බලකායේ භටපිරිස් ඉදිකල නව නිවාස දෙකක් විවෘත කෙරේ

යුද්ධ හමුදා සමාජිකයින්ට සහ නිවසක් නොමැතිව විවිධ දුෂ්කරතා මධ්‍යයේ ජිවත්වන පවුල් වෙත නව නිවාස ඉදිකරදීමේ යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයට අනුව, ගැමුණු හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ පුර්ණ අධීක්‍ෂණය යටතේ කළුතර, නාගොඩ ප්‍රදේශයේ ඉදිකරන ලද නව නිවස පසුගියදා 7 වන ගැමුණු හේවා බළඇණියේ සෙබලෙකු වෙත භාරදුන්නේය.

රුපියල් මිලියන 1.5 ක වියදමින් අභිනවයෙන් ඉදිකරන ලද නව නිවස ජූනි මස 04 වන දින 7 වන ගැමුණු හේවා බළඇණියේ අණදෙන නිලධාරීගේ ආරාධනයකට අනුව ගැමුණු හේවා බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් රොහාන් ජයමාන්නගේ සුරතින් විවෘත කෙරිණි.

එසේම, ගැමුණු හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ පුර්ණ අධීක්‍ෂණය යටතේ 4 වන ගැමුණු හේවා බළඇණයේ භටපිරිස් විසින් එම ඒකකයේ රාජකාරි කර විශ්‍රාම ලැබු රණක්‍ෂිතයට පත් බළලත් නිලධාරීයෙකු වෙනුවෙන් නව නිවසක් ඉදිකරදෙන ලදී.

රුපියල් මිලියන 1.5 ක වියදමින් අලුත්ගම, දර්ගා නගරයේ ඉදිකරන ලද මෙම නිවස 4 වන ගැමුණු හේවා බළඇණියේ අණදෙන නිලධාරීගේ ආරාධනයකට අනුව ගැමුණු හේවා බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් රොහාන් ජයමාන්නගේ සුරතින් විවෘත කෙරිණි.