Header

Sri Lanka Army

Defender of the Nation

05th June 2021 17:47:33 Hours

ගංවතුරෙන් ආපදාවට පත් කොවිඩ් - 19 ආසාදිතයින් යුද්ධ හමුදාවේ මැදිහත්වීමෙන් රෝහල්ගත් කරයි

අයහපත් කාලගුණය හේතුවෙන් අත්තනගල්ල ඔය පිටාර ගලා ඇතිවූ ගංවතුර තත්ත්වයෙන් රෝහල්ගත කිරීමට නොහැකිව කොටුවී සිටි අත්තනගල්ල කැටකාලපිටිය ප්‍රදේශයේ පවුල් දෙකක කොවිඩ් - 19 වෛරසය ආසාදිත පුද්ගලයින් ආරක්‍ෂිතව මුදාගෙන ප්‍රතිකාර සඳහා යොමු කරවීමට ශ්‍රීලංකා යුද්ධ හමුදාවේ 6 වන කාලතුවක්කු හමුදාවේ භටපිරිස් කටයුතු කළහ.

මෙම පවුල් දෙකේ සාමාජිකයන් සිව්දෙනෙකු කොවිඩ් - 19 වෛරසය ආසාදිතව සිටි අතර, සෞඛ්‍ය බලධාරින් සමඟින් යුද්ධ හමුදා භටපිරිස් කොවිඩ් -19 වෛරසය පැතිරීම වැළැක්වීමේ සෞඛ්‍යය නිර්දේශවලට අනුකූලව ආදාළ පිරිස වැඩිදුර ප්‍රතිකාර සඳහා රෝහල් කරා යොමු කළහ.

එසේම ගංවතුර තත්ත්වය හේතුවෙන් සිරවී සිටි තවත් පවුල් 05 ක සාමාජිකයින් යුද්ධ හමුදා භටපිරිස් විසින් බේරාගෙන ප්‍රදේශයේ රජයේ බලධාරීන්ගේ සම්බන්ධීකරණයෙන් ආරක්‍ෂිත ස්ථානවලට යොමුකළහ.

මෙම මුදාගැනීමේ සහ ගලවාගැනීමේ මෙහෙයුම් සිදුකරන අවස්ථාවට මීරිගම දිස්ත්‍රික් ලේකම් සහ එම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරික්‍ෂකවරයාද සහභාගී වූහ.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් පරිදි ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් විකුම් ලියනගේ, 14 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා, 141 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ප්‍රදීප් ගමගේ සහ 6 වනශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ අණදෙන නිලධාරි මෙම මෙහෙයුම් වලදී භට පිරිස් අධීක්‍ෂණය කළහ.