Header

Sri Lanka Army

Defender of the Nation

04th June 2021 17:01:49 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවට නවීන පහසුකම් වලින් සමන්විත බහුකාර්ය සම්පත් මධ්‍යස්ථානයක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථාන පරිශ්‍රයේ නවීන ආපනශාලාවකින් සමන්විත නවීනතම බහුකාර්ය සම්පත් මධ්‍යස්ථානයක් ඉදිකරනු ලැබූ අතර පසුගිය අඟහරුවාදා (01) දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් සම්පත් කෝටුවේගොඩ ගේ ප්‍රධානත්වයෙන් පැවති කෙටි උත්සවයකදී එය විවෘත කරන ලදී.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනා මූලස්ථානයේ සේවයේ නියුතු භටපිරිස්වල අවශ්‍යතාවයක් සපුරාලමින් ඉදිකරනු ලැබූ මෙම බහුකාර්ය සම්පත් මධ්‍යස්ථානය ආපනශාලාවක්, ටේලර් සාප්පුවක්, රූපලාවණ්‍යාගාරයක් සහ රෙදි සෝදන ස්ථානයකින් සමන්විත වේ. ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ සේනාවිධායක ගේ යෝජනාවකට අනුව මෙම සමාරම්භක උත්සවයෙන් පසුව රෙදි සේදීමේ සේවාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ සාමාජිකයින් වෙත නොමිලේ සපයනු ලැබේ.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනා මූලස්ථානයේ නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරල් ක්‍රිස්ටි ජයසිංහ සහ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සහභාගී වූහ.