Header

Sri Lanka Army

Defender of the Nation

04th June 2021 16:59:43 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි තවත් සිවිල් - හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති ක්‍රියාත්මක කරයි

ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් හේමන්ත බණ්ඩාර 2021 මැයි මස 21 දින 563 වන බලසේනාවේ සිදුකළ සංචාරයේදී ඇටඹගස්කඩ රජමහා විහාරයේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත වූයේය. එහිදී, එම විහාරස්ථානයේ ඉදිකරමින් පවතින ආවාසගෙය මේජර් ජෙනරල් හේමන්ත බණ්ඩාර ගේ නිරීක්‍ෂණය කළේය.

ඉන් අනතුරුව, ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් හේමන්ත බණ්ඩාර එම විහාරස්ථානයේ විහාරාධිපති හිමිපාණන් හමු වූ අතර මහා සංඝරත්නයේ ඉල්ලීම පරිදි එම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු සිදුකිරීමට භාරගත්තේය. නව ආවාසගෙය ඉදිකිරීම් කටයුතු නිම වීමෙන් පසුව අබලන්ව පැවති පැරණි ආවාසගෙය කඩා එහි සුන්බුන් ඉවත්කළ යුතු බව විහාරාධිපතිතුමන් මේජර් ජෙනරල් හේමන්ත බණ්ඩාර දැනුවත් කළේය. මෙම නව ගොඩනැගිල්ල ඉදිකිරීමේ සහ පැරණි ගොඩනැගිල්ලේ සුන්බුන් ඉවත් කිරීමේ කටයුතු, 7 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සහ 8 වන ඉංජිනේරු බලකායේ භටපිරිස් විසින් සිදුකළහ.

සිවිල් වැසියන් සහ යුද්ධ හමුදා සාමාජිකයින් ගේ සම්බන්ධීකරණ ව්‍යාපෘතියක් ලෙස සංවිධානය කළ මෙවැනි ව්‍යාපෘති ප්‍රදේශය පුරා ක්‍රියාත්මක කිරීමට ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි විසින් උපදෙස් ලබාදුන්නේය. මේ අතර, වෙසක් මංගල්‍යය සැමරීම වෙනුවෙන් 21 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් පන්සල් භූමිය ද පිරිසිදු කළහ.

මෙම සියලුම ව්‍යාපෘති 56 වන සේනාංකයේ සේනාංකාධිපති ගේ උපදෙස් සහ 563 වන බලසේනාවේ බලසේනාධිපතිගේ අධීක්‍ෂණය යටතේ සිදු කරන ලදී.