Header

Sri Lanka Army

Defender of the Nation

04th June 2021 06:28:39 Hours

12 වන සේනාංකයේ භටපිරිස් වියළි සලාක පරිත්‍යාග කරති

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 12 වන සේනාංකයේ භටපිරිස් පසුගිය සඳුදා (31) දින හම්බන්තොට ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා වියළි සලාක බෙදාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කළහ.

මෙම ව්‍යාපෘතිය සඳහා අනුග්‍රාහකත්වය දැක්වූ 'Second Coffee' International සමාගම වෙතින් ලබාදුන් වියළි සලාක පාර්සල්, හාල්, පරිප්පු, සීනි, කිරි පිටි, කරවල, ලුණු, තේ කොළ, ළුණු ආදි ආහාර ද්‍රව්‍ය වලින් සමන්විත විය. මෙම වියළි සලාක පාර්සල් එම ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල් 35 ක් වෙත බෙදාදෙනු ලැබූහ.

12 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රසන්න රණවක ගේ උපදෙස් මත එම සේනාංකයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් එස්.අයි.පී. විදානගමගේ විසින් මෙම වැඩසටහන සම්බන්ධීකරණය කරන ලදි.