Header

Sri Lanka Army

Defender of the Nation

02nd June 2021 22:08:24 Hours

යුද්ධ හමුදා භටපිරිස් මුලන්කාවිල් සහ නාච්චිකුඩා නගර විෂබීජහරණය කරති

19 වන ශ්‍රී ලංකා පාබල හමුදාව සහ 17 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමදාවේ භටපිරිස් මුලන්කාවිල් පොලිස් ස්ථානය, මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් සහ පුනරින් ප්‍රාදේශිය සභාව සමග සම්බන්ධීකරණයෙන් යුතුව 2021 මැයි මස 24 දින මුලන්කාවිල් සහ නාච්චිකුඩා යන නගර දෙක තුළ විෂබීජහරණ වැඩසටහන් දියත් කළහ.  

මෙම වැඩසටහන් 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ටිකිරි දිසානායක සහ 651 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් වසන්ත බණ්ඩාර ගේ උපදෙස් හා අධීක්‍ෂණය යටතේ ක්‍රියාත්මක කරන ලදී.