Header

Sri Lanka Army

Defender of the Nation

02nd June 2021 22:30:36 Hours

ගිනිගත් ‘X Press Pearl’ නෞකාවේ සුන්බුන් එකතු කිරීමට තවදුරටත් යුද්ධ හමුදා දායකත්වය

පසුගිය දා ගිනිගැනීමකට ලක් වූ ‘X Press Pearl’ බහාලුම් නෞකාවේ සුන්බුන් වාද්දූව වෙරළට පාවී ඒම හේතුවෙන් 2021 මැයි මස 28 සහ 29 දෙදින තුළ 58 වන සේනාංකය යටතේ ස්ථාපිත 582 වන බලසේනාවට අයත් 9 වන ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් එම වෙරළ පිරිසිදු කිරීමේ කටයුතු සිදුකළහ.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් මත 58 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් චම්පක රණසිංහ සහ 582 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කාවින්ද බාලසූරිය ගේ අධීක්‍ෂණය යටතේ යුද්ධ හමුදා භටපිරිස් විසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබූහ.