Header

Sri Lanka Army

Defender of the Nation

02nd June 2021 22:45:42 Hours

64 වන සේනාංකය පොල් පැළ බෙදාදෙති

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 64 වන සේනාංකයේ භටපිරිස් ප්‍රජා මූලික ව්‍යාපෘතියක් දියත් කරමින් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයක් යටතේ පවත්වාගෙන යනු ලබන ‘තුරු මිතුරු - නව රටක්’ රුක්රෝපණ ව්‍යාපෘතියට සමගාමීව ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ කෘෂි වගා ව්‍යාපෘතින් වැඩිදියුණු කිරීමේ අරමුණින් එම ප්‍රදේශයේ සිවිල් වැසියන් වෙත පොල් පැළ බෙදාදුන්හ.

තවදුරටත් එම පොල් පැළ ප්‍රදේශවාසීන් වෙත බෙදාදීම සඳහා පසුගිය අඟහරුවාදා (01) දින ඔඩ්ඩුසුඩාන් පිහිටි කලමුරිප්පු ශාන්ත ජෝෂප් දේවස්ථානය සහ සිවම් කෝවිලේ පූජකයින් වෙත භාරදෙන ලදී.

64 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් මංජුල කරුණාරත්න එම ආගමික ස්ථාන වෙත ගොස් අවශ්‍ය පුද්ගලයින්ට ලබාදීම සඳහා එම පොල් පැළ ආගමික ස්ථාන වෙත භාරදුන්නේය.

මෙම ව්‍යාපෘතිය 642 වන බලසේනාවේ සිවිල් කටයුතු සම්බන්ධීකරණ නිලධාරි ලුතිතන් කර්නල් යූ.එල්.සී. ජයසේන විසින් සම්බන්ධීකරණය කරන ලදී.

පසුගිය මැයි මස 18 දින පැවති ජාතික රණවිරු දිනයට සමගාමීව 64 වන සේනාංකයේ භටපිරිස් තවත් පැළ බෙදාදීමේ වැඩසටහනක් පවත්වනු ලැබූහ.

මෙම අවස්ථාව සඳහා පූජකවරුන්, 641 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඩී.පී.ජේ.සී. ජයවර්ධන, 642 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් වී.ඩී.එස්. පෙරේරා සහ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු සහභාගී වූහ.