02nd June 2021 18:49:09 Hours
මේ වනවිට බලපැවැත්වෙන සංචරණ සීමාව 2021 ජුනි මස 07 දින ඉවත් නොකරන බවත්, 2021 ජුනි මස 14 දින අලුයම 04.00 දක්වා දීර්ඝ කර ඇති බවත් කොවිඩ් - 19පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.
එමෙන්ම, මාතලේ, ත්‍රිකුණාමලය, කෑගල්ල, නුවරඑළිය, හම්බන්තොට, බදුල්ල, අනුරාධපුර, පුත්තලම, අම්පාර, මඩකලපුව, මොණරාගල සහ පොලොන්නරුව යන දිස්ත්‍රික්ක වල Sino-farm එන්නත එන්නත් කිරීමේ වැඩසටහන ජුනි මස 08 දින සිට ආරම්භ කිරීමට නියමිතව ඇත.
මෙම වැඩසටහනේදී, ජ්‍යෙෂ්ඨ පුරවැසියන්, ගර්භනී මවුවරුන් සහ අධි අවධානම් සහිත ග්‍රාම සේවා වසම්වල රාජ්‍ය සේවකයින්ට එන්නත් ලබාදීම සිදුකරයි.
ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් නිකුත් කළ ප්‍රකාශයේ සම්පූර්ණ වීඩියෝ දර්ශන පහතින් දැක්වේ: