Header

Sri Lanka Army

Defender of the Nation

01st June 2021 19:38:14 Hours

යුද්ධ හමුදා භටපිරිස් මාවරල රෝහලේ කොවිඩ් - 19 වාට්ටුවක් ස්ථාපිත කරයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 61 වන සේනාංකයට අයත් 613 වන බලසේනාවේ භටපිරිස් කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විතයට තවදුරටත් ශක්තියක් වෙමින් මාවරල රෝහල් පරිශ්‍රයේ කොවිඩ් - 19 ආසාදිතයින් 25 දෙනෙකුට පහසුකම් සැලසිය හැකි අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ස්ථාපිත කළහ.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් පරිදි ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් විකුම් ලියනගේ සහ 61 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් දම්මි හේවගේ ගේ අධීක්‍ෂණය යටතේ යුද්ධ හමුදා භටපිරිස් විසින් මෙම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය ස්ථාපිත කරන ලදී.

613 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් උපුල් කොඩිතුවක්කු 3 වන ගැමුණු හේවා බලකායේ භටපිරිස් සමඟ එක්ව දින කිහිපයක් තුළ මෙම ව්‍යාපෘතියේ වැඩකටයුතු නිමකරනු ලැබූ අතර පසුගිය සඳුදා (31) දින එය රෝහල් බලධාරින් වෙත පවරා දෙන ලදී.