Header

Sri Lanka Army

Defender of the Nation

01st June 2021 19:37:01 Hours

65 වන සේනාංකයේ භටපිරිස් රුවන්වැලිසෑයේදී වෙසක් සැමරීමට සමගාමීව වියළි සලාක බෙදාදෙති

වෙසක් උත්සවය නිමිති කරගනිමින් 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ටිකිරි දිසානායක ඇතුළු නිලධාරින් සහ සෙසු නිලයින් විසින් 2021 මැයි මස 27 දින රුවන්වැලිසෑය සහ ජය ශ්‍රී මහා බෝධි පරිශ්‍රයේදී ‘කිරි ආහාර පූජාව’ පැවැත්වූහ.

මෙම වැඩසටහනට සමගාමීව එම සේනාංකයේ සේනාංකාධිපති ඇතුළු අනෙකුත් නිලධාරින් එක්ව බැතිමතුන් වෙත ආගමික ග්‍රන්ථ පරිත්‍යාග කළහ.

මේ අතර, 19 වන ශ්‍රී ලංකා පාබල හමුදාව සහ 17 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් වෙසක් උත්සවය සනිටුහන් කරමින් කල්විලාන්, වෙල්ලාන්කුලම්, නාච්චිකුඩා, මුලන්කාවිල් සහ ඉරනමතනගර් යන ප්‍රදේශවල වෙසෙන අවශ්‍යතා සහිත පුද්ගලයින් වෙනුවෙන් වියළි සලාක පාර්සල් බෙදාදුන්හ. මෙහිදී, රුපියල් 3000 ක පමණ වටිනාකමකින් යුත් වියළි සලාක පාර්සල් 60 ක් අඩු ආදායම්ලාභී පවුල්, ආබාධිත පුද්ගලයින් සහ ගර්භනී මවුවරුන් සඳහා පරිත්‍යාග කළහ.

මෙම පරිත්‍යාග වැඩසටහන සඳහා මොරිස් සවුන්දාස් ජයතිලක සහ යුද්ධ හමුදා සාමාජිකයින් සිය මූල්‍යමය දායකත්වය දැක්වූහ.