Header

Sri Lanka Army

Defender of the Nation

31st May 2021 18:50:39 Hours

තවත් කොවිඩ් - 19 ආසාදිතයින් 2,912 දෙනෙකු හඳුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි

අද (01) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 2,912 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 28 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් වන අතර තවත් පුද්ගලයින් 02 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි විදේශීය පුද්ගලයින් වේ. ඉතිරි පුද්ගලයින් 2,882 දෙනා දේශීයව හඳුනාගත් ආසාදිතයින් ලෙස වාර්තා වේ. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, ඒ ආසාදිතයින් 490 ක් ලෙසය. ඊට අමතරව, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 322 ක් සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 261 ක් වාර්තා වේ. අනෙක් ආසාදිතයින් 1,809 දෙනෙකු දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වේ.

අද (01) දින උදෑසන වනවිට, ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වු සම්පුර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 186,363 ක් ලෙස වාර්තා වේ. ඒ අතරින් අළුත් අවුරුදු සමයෙන් පසු වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 89,119 වේ.

අද (01) දින උදෑසන 0600 වනවිට (පසුගිය පැය 24 තුළ) රෝහල් සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 1,915 ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.

අද (01) දිනයේදී ත්‍රිවිධ හමුදාව සහ හෝටල් තුළ පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 56 ක් තුළ පුද්ගලයින් 3,622 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටිති. එසේම, අද (01) දින උදෑසන 0600 වනවිට (පසුගිය පැය 24 තුළ) නිරෝධායන මධ්‍යස්ථාන 14 ක් තුළින් නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් 403 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර නිවෙස් වෙත පිටව ගොස් ඇත.

අද (01) දින උදෑසන වනවිට (පසුගිය පැය 24 තුළ) ශ්‍රී ලංකාව තුළින් කොවිඩ්-19 වෛරසය ආසාදනය වී පුද්ගලයින් 04 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ. ඒ සමග අද (01) දින උදෑසන වනවිට ‍ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොවිඩ් - 19 ආසාදිත රෝගීන්ගේ සමස්ත මරණ සංඛ්‍යාව 1,487 ක් දක්වා ඉහළ ගොස් ඇත.

සම්පුර්ණයෙන්ම හුදෙකලා කර තිබු පොලිස් බලප්‍රදේශ සහ ග්‍රාම නිලධාරි වසම් තවදුරටත් හුදෙකලා තත්ත්වයේ පවතින අතර, මෙම මාධ්‍ය නිවේදනය නිකුත් කරන අවස්ථාව වනවිට ක්‍රියාත්මක වන සංචරණ සීමාවන් ඒ අයුුරින්ම තවදුරටත් ක්‍රියාත්මක වේ.