Header

Sri Lanka Army

Defender of the Nation

31st May 2021 19:54:48 Hours

කොවිඩ් - 19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා 613 වන බලසේනාවේ භටපිරිස් අත්හැර දැමූ ගොඩනැගිල්ලක් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස පරිවර්ථනය කරයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 61 වන සේනාංකයට අයත් 613 වන බලසේනාවේ භටපිරිස් විසින් මොරවක රෝහලේ අත්හැර දමා තිබූ ගොඩනැගිල්ලක ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරන ලදී. ඉන් අනතුරුව එම ගොඩනැගිල්ල කොවිඩ් - 19 ආසාදිතයින් 54 දෙනෙකුට ප්‍රමාණවත් පහසුකම් සහිතව ප්‍රතිකාර කටයුතු සිදුකරගැනීමට අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස පරිවර්ථනය කළහ.

මෙම ව්‍යාපෘතිය ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ මඟපෙන්වීම මත ආරම්භ කළ අතර එහි ප්‍රතිසංස්කරණ කටයුතු ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් විකුම් ලියනගේ සහ 61 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ධම්මි හේවගේ ගේ අධීක්‍ෂණය යටතේ සිදුකළහ.

මෙම ව්‍යාපෘතිය 613 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් උපුල් කොඩිතුවක්කු සමඟින් 3 වන ගැමුණු හේවා බලකායේ භටපිරිස් එක්ව දින කිහිපයක් තුළ නිම කළ අතර පසුගිය සෙනසුරාදා (29) දින එය රෝහල් බලධාරින් වෙත පවරා දුන්හ.