Header

Sri Lanka Army

Defender of the Nation

31st May 2021 18:41:39 Hours

551 වන බලසේනාවේ භටපිරිස් කේරළ ගංජා කිලෝග්‍රෑම් 48.9 ක් අත්අඩංගුවට ගනී

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත55 වන සේනාංකයට අයත්551 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි4 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් නාවික හමුදා භටපිරිස් සමඟ එක්ව පසුගිය ඉරිදා (30) දිනපේදුරු තුඩුව වෙරළ තීරයේදී සිදුකරන ලද මුර සංචාරයකදී රාත්‍රී 11.00 ට පමණ කේරළ ගංජා කිලෝග්‍රෑම් 48.9 ක් සමඟ ධීවර බෝට්ටුවක් සහ ස්කූටර් දෙකක් අත්අඩංගුවට ගනු ලැබූහ.

අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගය ඇතුළුභාණ්ඩ වැඩිදුර පරික්‍ෂණ සඳහා පේදුරුතුඩුව පොලිස් ස්ථානය වෙත භාරදී ඇත.

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය ගේ උපදෙස් මත දියත් කරනු ලැබූ මෙම මුර සංචාරයේ මෙහෙයවීම් සහ අධීක්‍ෂණ කටයුතු55 වන සේනාංකයේ සේනාංකාධිපති, 551 වන බලසේනාවේ බලසේනාධිපති සහ 4 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි විසින් සිදුකරනු ලැබූහ. අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ මඟපෙන්වීම් අනුව යුද්ධ හමුදාව විසින්දිවයින පුරා මත්ද්‍රව්‍ය මැඩලීමේ ක්‍රියාන්විත සිදුකරති.