Header

Sri Lanka Army

Defender of the Nation

28th May 2021 15:29:54 Hours

ගතවූ පැය 24 තුළ මෙරට කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 06 කින් ඉහල ගොස් ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි

අද (30) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 2,882 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 55 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් වේ. ඉතිරි පුද්ගලයින් 2,827 දෙනා දේශීයව හඳුනාගත් ආසාදිතයින් ලෙස වාර්තා වේ. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, ඒ ආසාදිතයින් 541 ක් ලෙසය. ඊට අමතරව, කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 442 ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 241 ක් වාර්තා වේ. අනෙක් ආසාදිතයින් 1603 දෙනෙකු දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වේ.

අද (30) දින උදෑසන වනවිට, ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වු සම්පුර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 180,592 ක් ලෙස වාර්තා වේ. ඒ අතරින් අළුත් අවුරුදු සමයෙන් පසු වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 83,437 වේ.

අද (30) දින උදෑසන වනවිට, හදුනාගත් සම්පුර්ණ ආසාදිතයින්ගෙන් මේ වනවිට පුද්ගලයින් 148,390 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත. අද (30) දින උදෑසන වනවිට, රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ ආසාදිතයින් 28,713 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබති.

අද (30) දින උදෑසන 0600 වනවිට (පසුගිය පැය 24 තුළ) රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 2,029 ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.

අද (30) දිනයේදී ත්‍රිවිධ හමුදාව සහ හෝටල් තුළ පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 58 ක් තුළ පුද්ගලයින් 4,738 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටියි. එසේම, අද (30) දින උදෑසන 0600 වනවිට (පසුගිය පැය 24 තුළ) නිරෝධායන මධ්‍යස්ථාන 10 ක් තුළින් නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් 376 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර නිවෙස් වෙත පිටව ගොස් ඇත.

අද (30) දින උදෑසන වනවිට (පසුගිය පැය 24 තුළ) ශ්‍රී ලංකාව තුළින් කොවිඩ්-19 වෛරසය ආසාදනය වී පුද්ගලයින් 06 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ. ඒ සමග අද (30) දින උදෑසන වනවිට ‍ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොවිඩ් - 19 ආසාදිත රෝගීන්ගේ සමස්ත මරණ සංඛ්‍යාව 1,405 ක් දක්වා ඉහළ ගොස් ඇත.

සම්පුර්ණයෙන්ම හුදෙකලා කර තිබු පොලිස් බලප්‍රදේශ සහ ග්‍රාම නිලධාරි වසම් තවදුරටත් හුදෙකලා තත්ත්වයේ පවතින අතර, මෙම මාධ්‍ය නිවේදනය නිකුත් කරන අවස්ථාව වනවිට ක්‍රියාත්මක වන සංචරණ සීමාවන් ඒ අයුුරින්ම තවදුරටත් ක්‍රියාත්මක වේ.