Header

Sri Lanka Army

Defender of the Nation

28th May 2021 12:30:31 Hours

යුද්ධ හමුදා භටපිරිස් වට්ටප්පලේ අම්මාන් කෝවිල් පරීශ්‍රය පිරිසිදු කරයි

මුලතිව්, වට්ටප්පලේ කන්නගී අම්මාන් කෝවිල් පරිශ්‍රය පිරිසිදු කිරිමේ ශ්‍රමදාන වැඩසටහනක් ඉකුත් සදුදා (24) දින ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ඇති 59 වන සේනාංකයේ භටපිරිස් විසින් දියත් කරන ලදී.

591 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් සුජීව පෙරේරා ගේ උපදෙස් පරිදි සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව 591 බලසේනාවේ සහ 12 වන ශ්‍රී ලංකා පාබල හමුදා ඒකකයේ භටපිරිස් විසින් මෙම වැඩසටහන ක්‍රියාවට නංවන ලදී.