Header

Sri Lanka Army

Defender of the Nation

28th May 2021 15:25:31 Hours

වාකරේ ප්‍රාදේශීය රෝහලේ හදිසි ප්‍රතිකාර අතරමැදි මධ්‍යස්ථානයක් ස්ථාපිත කරයි

සීග්‍රයෙන් පැතිර යමින් පවතිනකොවිඩ්-19 වෛරසය හේතුවෙන් වැඩිවන ආසාදිතයින් සඳහා ප්‍රතිකාර කිරිමේ අරමුණින් 233 බලසේනාවේ භටපිරිස් වාකරේ මූලික රෝහලේ වාට්ටුවක අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට පියවර ගත්හ. එම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීම ඉකුත් සෙනසුරාදා (22) දින සිට ආරම්භ විය.

233 වන බලසේනාවේ බලසේනාධිපතිගේ සම්බන්ධීකරණයෙන් වාකරේ රෝහලේ සෞඛ්‍ය නිලධාරීන්ගේ හා සේවකයින්ගේ සහය ඇතිව මෙම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය ස්ථාපනය කරන ලදී. 233 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් වසන්ත හෙවගේ ලබාදුන් උපදෙස් මත භටපිරිස් විසින් මෙම ව්‍යාපෘතිය සිදුකරන ලදී.