Header

Sri Lanka Army

Defender of the Nation

28th May 2021 10:30:31 Hours

3 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සහ 19 වන ශ්‍රී ලංකා ජාතික ආරක‍්‍ෂක බලමුළුවේ භටපිරිස් රම්බොඩ ප්‍රදේශයේ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ඉදිකරයි

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ රෝගීන් ප්‍රමාණය ඉහල යාමක් සිදු වුවහොත් ප්‍රතිකාර කිරීම සඳහා 3 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සහ 19 වන ශ්‍රී ලංකා ජාතික ආරක‍්‍ෂක බලමුළුවේ භටපිරිස් එක්ව නුවරඑළිය, රම්බොඩ ප්‍රදේශයේ රජයේ ගොඩනැගිල්ලක පිහිටි සංස්කෘතික මධ්‍යස්ථානයේ නව අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ස්ථාපිත කරන ලදී. මෙම නව අතරමැදි ප්‍රතිකාර ම්‍යස්ථානය තුළ රෝගීන් 275 දෙනෙකුට නේවාසිකව ප්‍රතිකාර සිදුකිරීමේ හැකියාව පවතී.

රට තුළ ඇතිවිය හැකි ඕනෑම හදිසි අවස්ථාවකට මුහුණ දීම සඳහා ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍ය්‍යම භටපිරිස් විසින් නුවරඑළිය දිස්ත්‍රික්කය ආවරණය වන පරිදි මීපිලිමාන, කන්දෙඇළ (ඇඳන් 150), වලපනේ ප්‍රාදේශීය රෝහලේ (ඇඳන් 87), බොගවන්තලාව, ජාතික වැවිලි කළමනාකරණ ආයතනයේ (ඇඳන් 146), නුවරඑළිය නගරශාල ගොඩනැගිල්ලේ (ඇඳන් 500) කින් ද සමන්විත අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන ස්ථාපනය කරන ලදී.

නව අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය ස්ථාපිත කිරීම සඳහා යුද්ධ හමුදා භටපිරිස් ඉමහත් කැපකිරිමක් කළේය. වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය ගරු අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහතා විසින් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය ස්ථාපිත කිරීම සදහා අවශ්‍ය භූමිය ලබාදුන්නේය. දිස්ත්‍රික් ලේකම් සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සියලුම නිලධාරීන්, කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලය සහ නුවරඑළිය සෞඛ්‍ය අංශ කාර්ය මණ්ඩලය මෙම ව්‍යාපෘතියට සහයෝගය දැක් වූහ.

මෙම නව අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය ඉකුත් සිකුරාදා (28) දින ආරක්ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් රන්ජන් ලමාහේවා විසින් සෞඛ්‍ය බලධාරීන් වෙත නිල වශයෙන් භාර දෙන ලදී. 11 වන සේනාංකයේ සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කිත්සිරි ලියනගේ, 112 බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් අනුර දිසනායක සහ 3 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි මේජර් ඒ. රණතිලක ගේ පූර්ණ සහයෝගය ඇතිව මෙම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය ස්ථාපිත කරන ලදී.

මෙම අවස්ථාව සඳහා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ජී. කේ. ජී. ඒ. ආර්. පී. කේ .නන්දන මහතා කොත්මලේ සහකාර රජයේ නියෝජිත ඕ. එස්. පෙරේරා මහත්මිය, සෞඛ්‍ය සේවා දිස්ත්‍රික් අධ්‍යක්ෂ වෛද්‍ය ආර්. මනතුංග සහ දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය මධුර සෙනෙවිරත්න යන මහත්වරුන් සහභාගී වූහ.