Header

Sri Lanka Army

Defender of the Nation

28th May 2021 11:30:31 Hours

යුද්ධ හමුදා මූලස්ථානයේ නිලධාරීන් සහ සෙසුනිලයන් වෙසක් පොහොයට සමගාමීව කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ජනතාවට ආහාර පාන ලබාදෙයි

ලොව්තුරා බුදුපියාණන් වහන්සේගේ තෙමගුල සිහිකරන උතුම් වෙසක් පොහොයට සමගාමීව ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත යුද්ධ හමුදා භටපිරිස් ඉකුත්සිකුරාදා (28) දින කොවිඩ්-19 වෛරස් තත්ත්වය පාලනය කිරීම සඳහා පනවා ඇති සංචරණ සීමා හේතුවෙන් ආහාර පාන සපයා ගත නොහැකිව සිටින කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ජනතාව වෙත දිවා ආහාර පාර්සල් ලබාදුන්නේය.

මෙම වැඩසටහනේදි යුද්ධ හමුදා මූලස්ථානයේ සේවයේ නියුතු නිලධාරීන් සහ සෙසුනිලයන් මෙන්ම කාන්තා නිලධාරීන් සහ කාන්තා සෙබලියන් එක්ව කොළඹ කොටුව, බැස්ටියන් මාවත, මහ වීදිය, මරදාන, ග්‍රෑන්ඩ්පාස් සහ බොරැල්ල යන ප්‍රදේශවල ජනතාව සඳහා ආහාර පාර්සල්, මුඛ ආවරණ සහ ජල බෝතල් ලබාදුන්නේය.