Header

Sri Lanka Army

Defender of the Nation

28th May 2021 23:10:00 Hours

එන්නත්කරණ තොරතුරු නිසි ආකාරව යාවත් කාළීන කිරීම පිළිබද විශේෂ සාකච්ඡාවක්

එන්නත්කරණ ක්‍රියාවලිය තවදුරටත් විධිමත් කර ඉදිරියේදී වඩාත් සැලසුම් සහගතව එය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය තොරතුරු ජාලගත කිරීම සම්බන්ධව විශේෂ සාකච්ඡාවක් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානනත්වයෙන් අද (28) දින රාජගිරිය, කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී පැවැත් වූහ.

මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ (TRCSL) නිලධාරීන් සහ රජයේ හා පෞද්ගලික අංශයේ විදුලි සංදේශ සමාගම්වල නියෝජිතයින් පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත් වූහ.