Header

Sri Lanka Army

Defender of the Nation

24th May 2021 21:00:37 Hours

භටකාර්ය සම්පාදන මාණ්ඩලික නිලධාරී පාඨමාලාවේ 'Ex-Waggoner' අභ්‍යාසයඅවසන්

භටකාර්ය සම්පාදන මාණ්ඩලික නිලධාරී පාඨමාලා අංක - 06 යටතේ පුහුණුව ලබන ශිෂ්‍ය නිලධාරීන් සඳහා 2021 මැයි 07 සිට 2021 මැයි මස 13 වන දින දක්වා පැවත්වූ 'Ex-Waggoner' අභ්‍යාසය සාර්ථකව අවසන් වේ. 

මෙම අභ්‍යාසය තුළින් ක්‍රියාන්විත සහ භටකාර්ය සම්පාදන සැලසුම් අතර ඇති සමීප සම්බන්ධතාවයේ වැදගත්කම, විශිෂ්ඨ ප්‍රතිපල ලබාගැනීම සඳහා පවතින සැපයුම් හා සම්පත් ක්‍රමවත් ලෙස භාවිතා කිරීමේ වැදගත්කම, සරල හා නම්‍යශීලී සැපයුම්, සැලසුම්වල අවශ්‍යතාව යනාදිය ආවරණය කරන ලදී.

පුහුණු අභ්‍යසය ප්‍රධාන උපදේශකගේ පසුකතනයෙන්අනතුරුව අවසන් විය.

මෙම අවස්ථාව සඳහා සපැමිණි භටකාර්ය සම්පාදන විද්‍යාලයේ (ASL) සේනාවිධායක බ්‍රිගේඩියර් රංජන් ජයසේකර සහභටකාර්ය සම්පාදන විද්‍යාලයේ ප්‍රධාන උපදේශක කර්නල් මොහාන් ප්‍රේමරත්න ශිෂ්‍ය නිලධාරීන්ගේ කාර්ය සාධනය අධික්‍ෂණය කළේය.