Header

Sri Lanka Army

Defender of the Nation

24th May 2021 18:00:01 Hours

හදිසි ආපදාවන් සඳහා භටපිරිස් පුහුණු කිරිමේ පළමු අදියරය අවසන්

මේ දිනවල පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් ඇති විය හැකි හදිස්සි ආපදා තත්ත්වයන්වලදී සිවිල් ජනතාව වෙත අවශ්‍ය සහන සැලසීමටසහ ආපදාවන්ගෙන් මහජනතාව මුදවා ගැනීමේ අරමුණින් යුතුව කැළණිය සහ උඩුමාපිටගම තොටුපොලවල් ආශ්‍රිතව දින 5 ක් පුරා පැවැත්වෙනහදිසි ආපදා කණ්ඩ සඳහා බෝට්ටු එන්ජින් ක්‍රියාකරුවන් පුහුණු කිරිමේ පාඨමාලාවේතවත් පුහුණු නිදර්ශණයක් ආරක්‍ෂක සේනා අඥාපති - බටහිර මේජර් ජෙනරල් විකුම් ලියනගේ ගේ සහභාගීත්වයෙන් සදුදා (24) දින පැවැත්විණි.

14 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සුජීව සෙනරත්යාපා ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර සමග සාකච්ඡා කර මෙම පුහුණු අභ්‍යාසය සැලසුම් කරන ලදී. පුහුණු අභ්‍යාසය තුළින් විශේෂයෙන් අවධානය යොමු වූයේ හදිසි ආපදා තත්ත්වයකදී සිවිල් වැසියන් වෙත සහන සැලසීම, ගලවාගැනීමේ සහ මුදවාගැනීමේ මෙහෙයුම්,කඹ ආධාරයෙන් ආපදාවන්ට ලක්වූ පුද්ගලයින්ගේ ජීවීත සුරක්‍ෂිතව බේරාගැනීමේ ආකාරය පිළිබද සහ ආපදාවක් සිදුවූ අවස්ථාවක ඊට යුහුසුළුව ක්‍රියාත්මක වී ප්‍රතිචාර දක්වන ආකාරය පිළිබද පුහුණු නිදර්ශනයන් මගින් හා ප්‍රායෝගික ක්‍රියාකාරකම් මගින් පුහුණු විය.

මෙම ප්‍රායෝගික පුහුණු වැඩමුළුවේ පළමු අදියරය යටතේ බෝට්ටු එන්ජින් ක්‍රියාකිරිමේ ආකාරය පිළිබද ක්‍රියාකාරකම් පසුගිය සිකුරාදා (21) දින සිට උඩමාපිටගම තොටුපොලේදී සහ කැළණිය තොටුපොලේදී ආරම්භ විය.

මූලික බෝට්ටු පුහුණු වැඩමුළුව සඳහා 6 වන ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුව, 8 වන ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ, 8 වන ක්‍ෂේත්‍ර ඉංජිනේරු රෙජිමේන්තුවේ සහ 2 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදා ඒකකය නියෝජනය කරමින් කණ්ඩායම් සහභාගී වූහ. මෙම ප්‍රයෝගික පුහුණු වැඩමුළුව නිරීක්‍ෂණය කිරීම පලපුරුදු 2 වන විශේෂ බලකාය කිමිදුම් කණ්ඩායමේ සුදුසුකම් ලත් උපදේශකවරු පිරිසක් විසින් මෙහෙයවනු ලැබිණි.     

මෙම පුහුණු නිදර්ශණයන් නැඹීම සඳහා 14 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සුජීව සෙනරත්යාපා, 141 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ලාල් විජේතුංග, 144 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් වාසල ලියනවඩුගේ ඇතුලු ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.