Header

Sri Lanka Army

Defender of the Nation

24th May 2021 15:50:01 Hours

ගතවූ 24 පැය තුළ කොවිඩ්-19 වෛරසය ආසාදිත රෝගීන් 5 දෙනෙකු මියගොස් ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි

අද (25) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 2,971 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් විදේශීය එක් පුද්ගලයෙකු වන අතර, ඉතිරි පුද්ගලයින් 2,970 දෙනා දේශීයව හඳුනාගත් ආසාදිතයින් ලෙස වාර්තා වේ. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, ඒ ආසාදිතයින් 605 ක් ලෙසය. ඊට අමතරව, කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 472 ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 395 ක් වාර්තා වේ. අනෙක් ආසාදිතයින් 1,498 දෙදෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වේ.

අද (25) දින උදෑසන වනවිට, ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වු සම්පුර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 167,171 ක් ලෙස වාර්තා වේ. ඒ අතරින් අළුත් අවුරුදු සමයෙන් පසු වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 70,162 වේ.

අද (25) දින උදෑසන වනවිට, හදුනාගත් සම්පුර්ණ ආසාදිතයින්ගෙන් මේ වනවිට පුද්ගලයින් 139,946 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත. අද (25) දින උදෑසන වනවිට, රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ ආසාදිතයින් 24,772 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබති.

අද (25) දින උදෑසන 0600 වනවිට (පසුගිය පැය 24 තුළ) රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 1,296 ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.

අද (25) දිනයේදී ත්‍රිවිධ හමුදාව සහ හෝටල් තුළ පවත්වාගෙන යනුලබන නිරෝධායන මධ්‍යස්ථාන 69 ක් තුළ පුද්ගලයින් 6,322 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටියි. එසේම, අද (25) දින උදෑසන 0600 වනවිට (පසුගිය පැය 24 තුළ) නිරෝධායන මධ්‍යස්ථාන 11 ක් තුළින් නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් 401 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර නිවෙස් වෙත පිටව ගොස් ඇත.

අද (25) දින උදෑසන වනවිට (පසුගිය පැය 24 තුළ) ශ්‍රී ලංකාව තුළින් කොවිඩ්-19 වෛරසය ආසාදනය වී පුද්ගලයින් 05 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ. ඒ සමග අද (25) දින උදෑසන වනවිට ‍ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොවිඩ් - 19 ආසාදිත රෝගීන්ගේ සමස්ත මරණ සංඛ්‍යාව 1,243 ක් දක්වා ඉහළ ගොස් ඇත.

දිවයින පුරා පනවා තිබු සංචරන සීමාවන් අද (25) දින අලුයම 4.00 සිට අද රාත්‍රි 11.00 දක්වා කාලය තුළ ඉවත් කර ඇත.

අද (25) දින උදෑසන සිට අම්බන්ගොඩ පොලිස් බලප්‍රදේශයේ ඌරවත්ත 80, කිරිබත්ගොඩ පොලිස් බලප්‍රදේශයේ ඊරියවැටිය සහ ඩයගම පොලිස් බලප්‍රදේශයේ සන්දිරිගම වත්තේ සන්දිරිගම කොටස සහ සන්දිරිගම වත්තේ NLDB සත්ව ගොවිපල යන ග්‍රාම නිලධාරි වසම් හුදෙකලා කර ඇත. ඒ අනුව මේවන විට හුදෙකලා කර ඇති ප්‍රදේශයන්ට අමතරව පොලිස් බලප්‍රදේශ 3 ක ග්‍රාම නිලධාරි වසම් 4 ක් හුදෙකලා කර ඇත.

තවද හුදෙකලා කර තිබු ඉංගිරිය පොලිස් බලප්‍රදේශයේ මහ ඉංගිරිය ග්‍රාම නිලධාරි වසමේ රයිගම් ජනපදය, රයිගමවත්ත ග්‍රාම නිලධාරි වසමේ රයිගමවත්ත පහල කොටස සහ මහ ඉංගිරිය ග්‍රාම නිලධාරි වසමේ රයිගම්පුර, සියබලාණ්ඩුව පොලිස් බලප්‍රදේශයේ ගල් අමුණ 122 E සහ හෙල මුල්ල 123 G, වැල්ලවාය පොලිස් බලප්‍රදේශයේ ඇතිලිවැව 120, රත්නපුර පොලිස් බල ප්‍රදේශයේ රත්ගම 162 F, කුරුවිට පොලිස් බලප්‍රදේශයේ කුරුවිට 155 සහ දෙල්ගමුව ග්‍රාම නිලධාරි වසමේ නගර කොටස 155, වත්තල පොලිස් බලප්‍රදේශයේ මද්දුමගල, හේකිත්ත පොලිස් බලප්‍රදේශයේ හේකිත්ත ග්‍රාම නිලධාරි වසමේ අත්කම් නිවාස සංකීර්ණය, අල්විස්වත්ත, ජාතික නිවාස සංකීර්ණය සහ කොක්ටේන් මාවත හැර සෙසු කොටස්, කෙරවලපිටිය පොලිස් බලප්‍රදේශයේ කෙරවලපිටිය ග්‍රාම නිලධාරි වසමේ ජෝර්ජ් මාවත හැර සෙසු කොටස් සහ කටාන පොලිස් බලප්‍රදේශයේ කළුගහවෙල යන ග්‍රාම නිලධාරි වසම් හුදෙකලා භාවයෙන් ඉවත් කර ඇත. ඒ අනුව දිවයින පුරා හුදෙකලා කර තිබු ප්‍රදේශයන්ගෙන් පොලිස් බලප්‍රදේශ 10 ක ග්‍රාම නිලධාරී වසම් 14 ක් ද හුදෙකලා භාවයෙන් ඉවත් කර ඇත.