Header

Sri Lanka Army

Defender of the Nation

24th May 2021 11:00:47 Hours

64 වන සේනාංකය පරිත්‍යාගශීලින් පිරිසකගේ ආධාර ඇතිව තවත් අවශ්‍යතා සහිත පවුලකට නිවසක් ඉදිකරති

මානවාලපඩ්ඩිමුරිප්පු, මාන්කුලම් ප්‍රාදේශයේ පදිංචි වී. විග්නේශ්වරන් මහතාගේ පවුල වෙත ඉදිකිරීමට යෝජිත නිවසට මුල්ගල තැබීම ඉකුත් අඟහරුවාදා (18) දින 64 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් මංජුල කරුණාරත්න විසින් සිදු කරන ලදී.

ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් උපාලි රාජපක්‍ෂ ගේ සහයෝගය ඇතිව 64 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් මංජුල කරුණාරත්න ගේ ඉල්ලීමකට අනුව මෙම ව්‍යාපෘතිය සඳහා මූල්‍යමය දායකත්වය කොළඹ පදිංචි ඩී. ලක්ෂ්මන් මහතා සහ එස්. ලක්ෂ්මන් මහත්මිය විසින් දක්වන ලදී.

මෙම නව නිවසේ ඉදිකිරීම් කටයුතු 643 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ශෂික පෙරේරාගේ අධීක්ෂණය යටතේ 23 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් වල ශ්‍රමදායකත්වයෙන් සහ තාක්‍ෂණික දැනුම උපයෝගි කරගනිමින් සිදුකරනු ලබයි. 12 වන විජයග්‍රාහි සැමරුම් දිනයට සගාමීව පවත්වනු ලැබු මෙම වැඩ සටහන සඳහා ඔඩ්ඩුසුඩාන් ප්‍රාදේශීය ලේකම්, රජයේ නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් සහ සෙසුනිලයින් පිරිස් සහභාගී වූහ.

එදිනම, 64 වන සේනාංකයේ සේනාංකාධිපතිගේ සම්බන්ධතාවයෙන් පරිත්‍යාගශිලියෙකුගේ මූල්‍යමය දායකත්වය ඇතිව සින්නසාලම්බන්, ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ පදිංචි ආර්.චන්ද්‍රකුමාර් මහතාගේ අඩක් ඉදිකළ නිවසේ ඉදිකිරීම් කටයුතු භටපිරිස් විසින් ආරම්භ කළේය.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සංකල්පයකට අනුව, අවශ්‍යතා සහිත පවුල් වෙනුවෙන් ආරම්භ කරනු ලැබු නිවාස ව්‍යාපෘතිය ආරක්‍ෂක සේනා මූලස්ථාන, සේනාංක සහ බලසේනා මූලස්ථාන හරහා දියත් කරන ලදී.