Header

Sri Lanka Army

Defender of the Nation

24th May 2021 14:10:01 Hours

යුද්ධ හමුදා භටපිරිස් ඇල්පිටියේ කර්මාන්තශාලා ගොඩනැගිල්ලක තවත් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ඉදිකරයි

පවතින කොවිඩ්-19 වෛරස් තත්ත්වය හමුවේ ඊට පෙර සූදානම් වීමක් ලෙස 613 වන බලසේනාවේ සහ 14 වන (ස්වේච්ඡා) ගැමුණු හේවා බලඇණියේ භටපිරිස් විසින් ඇල්පිටිය ප්‍රදේශයේ කර්මානතශාලා ගොඩනැගිල්ලක් තුළ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ස්ථාපිත කළහ.

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ රෝගීන්ගේ ඉහල යාමක් සිදු වුවහොත් ප්‍රතිකාර කටයුතු සඳහා නව අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය ප්‍රයෝජනයට ගැනීමට නියමිතව ඇති අතර එහි රෝගීන් 400 කට නේවාසිකව ප්‍රතිකාර සිදුකිරීමේ හැකියාව පවතී. ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් විකුම් ලියනගේ විසින් ලබා දුන් මාර්ගෝපදේශයන්ට අනුව සෞඛ්‍ය හා පළාත් පාලන ආයතන සමඟ සම්බන්ධීකරණයෙන් මෙය ස්ථාපිත කරන ලදී.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ අධීක්‍ෂණය යටතේ 61 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් දම්මි හේවගේ සහ 613 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් උපාලි කොඩිතුවක්කු ගේ සම්බන්ධතාවයෙන් මෙම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය ස්ථාපන කරන ලදී.