Header

Sri Lanka Army

Defender of the Nation

24th May 2021 13:13:01 Hours

සංචරන සීමා ක්‍රියාත්මක වන ආකාරය නීරික්‍ෂණය කිරීම සඳහා පොලිසියට ත්‍රිවිධ හමුදාවේ සහය

කොවිඩ්-19 වෛරසය පැතිරයාම වැළැක්වීම සඳහා දැනට රටතුළ ක්‍රියාත්මක වන සංචරන සීමා මහජනතාව නිසි අයුරින් පිළිපදින්නේ ද යන්න නීරික්‍ෂණය කිරීම සඳහා රාජකාරියේ නියුතු පොලිස් නිලධාරීන්ට සහය දැක්වීම සඳහා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත බස්නාහිර පළාතේ තදාසන්න ප්‍රදේශයන් ආවරණය පරිදි විශේෂ ක්‍රියාන්විතයන් යුද්ධ හමුදා ක්ෂණික විහිදුම් යතුරු පැදි කණ්ඩායම් (QRT), විශේෂ බලකා යතුරු පැදි කණ්ඩායම්, යුද්ධ හමුදා ඩ්‍රෝනා කැමරා සහ පාබල ඒකක කණ්ඩායම් යොදාගනිමින් සිදුකරනු ලබයි.

කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා ක්‍රියාත්මක කර තිබෙන නිරෝධායන නීති, සංචරන සීමා සහ මහජනතාවගේ සංචරනයන් අධීක්‍ෂණය කිරීම සඳහා යුද, නාවික හා ගුවන් හමුදා භටපිරිස් පොලිසිය වෙත පූර්ණ දායකත්වය ලබාදෙමින් සිටින අතර, ඒ අනුව යුද, නාවික සහ ගුවන් හමුදා භටපිරිස් මැයි මස 22 සහ 23 යන දිනයන් තුළ කොළඹ සහ තදාසන්න ප්‍රදේශයන් තුළ විශේෂ ක්‍රියාන්විතයක් දියත් කර පනවා තිබෙන සංචරන සීමාවන් නිසි ආකාරයෙන් පිළිපදින්නේ ද යන්න නිරීක්‍ෂණය කරන ලදී.

මෙම ක්‍රියාන්විතයන් ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් විකුම් ලියනගේ ගේ උපදෙස් මත 14 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සුජීව සෙනරත්යාපා ගේ සහ 142 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රනාන්දුගේ අධීක්‍ෂණය යටතේ දියත් කරන කරන ලදී.