Header

Sri Lanka Army

Defender of the Nation

24th May 2021 10:08:47 Hours

කොවිඩ්-19 වෛරසය ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා නකුලුගම සහ බුත්තල ප්‍රදේශීය රෝහල් සුදානම්

කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් 112 වන බලසේනාව, 23 වන ගජබා රෙජිමේන්තුව සහ 3 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ සහ ඉංජිනේරු සේවා බලකායේ භට පිරිස් එක්ව නකුලුගම ප්‍රාදේශීය රෝහලේ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානක් (ICCs) ස්ථාපනය කිරීමට පියවර ගත්හ. නවතමයෙන් ස්ථාපිත කරන ලද අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන පසුගිය අඟහරුවාදා (18) දින සිට ක්‍රියාත්මක වේ.

මීට අමතර, 112 වන බලසේනාව යටතේ ඇති 18 වන ගැමුණු හේවා බලඇණියේ භටපිරිස් බුත්තල ප්‍රාදේශීය රෝහලේ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් (ICCs) ස්ථාපනය කර කොවිඩ්-19 ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා පසුගිය සදුදා (17) දින සෞඛ්‍ය බලධාරීන් වෙත භාරදුන්නේය.

ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් රංජන් ලමාහේවා ගේ අධීක්‍ෂණය යටතේ දිස්ත්‍රික් / ප්‍රාදේශීය ලේකම්වරුන්, සෞඛ්‍ය නිලධාරීන් සහ රෝහල් සේවකයින්ගේ සහය ඇතිව යුද්ධ හමුදා භටපිරිස් විසින් ඕනෑම හදිසි අවස්ථාවකදී කොවිඩ්-19 වෛරසය ආසාදිත රෝගීන්ට නවාතැන් පහසුකම් සැලසීම සඳහා මෙම නව අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයන් ස්ථාපිත කරන ලදී.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ අධීක්‍ෂණය යටතේ 12 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රසන්න රණවක, 112 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ජනක පල්ලේකුඹුර සහ 121 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් උදය සේරසිංහ ගේ සම්බන්ධතාවයෙන් මෙම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය ස්ථාපන කරන ලදී.