Header

Sri Lanka Army

Defender of the Nation

23rd May 2021 16:05:31 Hours

නිරෝධායන මධ්‍යස්ථාන 7 ක් තුළින් නිරෝධායන වූ පුද්ගලයින් 99 දෙනෙකු සිය නිරෝධයන ක්‍රියාවලිය අවසන් කර පිටව ගොස් ඇති බව කොවිඩ්-19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි

අද (24) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 2,959 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 14 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් වේ. ඉතිරි පුද්ගලයින් 2,945 දෙනා දේශීයව හඳුනාගත් ආසාදිතයින් ලෙස වාර්තා වේ. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, ඒ ආසාදිතයින් 554 ක් ලෙසය. ඊට අමතරව, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 391 ක් සහ ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 198 ක් වාර්තා වේ. අනෙක් ආසාදිතයින් 1,802 දෙදෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වේ.

අද (24) දින උදෑසන වනවිට, ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වු සම්පුර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 164,200 ක් ලෙස වාර්තා වේ. ඒ අතරින් අළුත් අවුරුදු සමයෙන් පසු වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 67,192 වේ.

අද (24) දින උදෑසන වනවිට, හදුනාගත් සම්පුර්ණ ආසාදිතයින්ගෙන් මේ වනවිට පුද්ගලයින් 128,606 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත. අද (24) දින උදෑසන වනවිට, රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ ආසාදිතයින් 32,804 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබති.

අද (24) දින උදෑසන 0600 වනවිට (පසුගිය පැය 24 තුළ) රෝහල් සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 1,612 ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.

අද (24) දිනයේදී ත්‍රිවිධ හමුදාව සහ හෝටල් තුළ පවත්වාගෙන යනුලබන නිරෝධායන මධ්‍යස්ථාන 69 ක් තුළ පුද්ගලයින් 6,487 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටියි. එසේම, අද (24) දින උදෑසන 0600 වනවිට (පසුගිය පැය 24 තුළ) නිරෝධායන මධ්‍යස්ථාන 07 ක් තුළින් නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් 99 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර නිවෙස් වෙත පිටව ගොස් ඇත.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සඳහන් පරිදි අද (24) දින උදෑසන වනවිට (පසුගිය පැය 24 තුළ) ශ්‍රී ලංකාව තුළින් කොවිඩ්-19 වෛරසය ආසාදනය වී පුද්ගලයින් 05 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ. ඒ සමග අද (24) දින උදෑසන වනවිට ‍ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොවිඩ් - 19 ආසාදිත රෝගීන්ගේ සමස්ත මරණ සංඛ්‍යාව 1,210 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මෙම මාධ්‍ය නිවේදනය නිකුත් කරන අවස්ථාව වනවිට ක්‍රියාත්මක වන සංචරන සීමාවන් ඒ අයුුරින්ම තවදුරටත් ක්‍රියාත්මක වේ.