Header

Sri Lanka Army

Defender of the Nation

23rd May 2021 20:30:46 Hours

පවතින තත්ත්වය සැලකිල්ලට ගත් යුද්ධ හමුදාව ඉතා කෙටි කාලසීමාවක් තුළ දිවයින පුරාඇඳන් 20,000 ක්සහිතව නව අතරමැදි ප්‍රතිකාරමධ්‍යස්ථාන ස්ථාපිත කරයි

‘ජාතියේ ආරක්‍ෂකයින්’ලෙස ත්‍රස්තවාදය තුරන් කිරීම සඳහා කැපවී සිටි ත්‍රිවිධ හමුදාව එයට හාත්පසින්මවෙනස් ජාතික මෙහෙවරක් සිදුකරමින් සිටියි. සෞඛ්‍ය සේවාවට පූර්ණ දායකත්වය දක්වමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව කොවිඩ්-19 වෛරසය ආසාදිත පුද්ගලයින් සඳහා දිවයින පුරා ඇඳන් 20,000 ක් සමගින්අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන 112 කට වැඩි ප්‍රමාණයක් ඉතා කෙටි කාලයක් තුළ ස්ථාපිත කිරීමට සමත්වී ඇත.තවද නිරෝධායන මධ්‍යස්ථාන අඛණ්ඩව පවත්වාගෙන යාම සහ එන්නත්කරන වැඩසටහන් සඳහා දපූර්ණ දායකත්වයදක්වමින් සිටියි.       

අලුත් අවුරුදු සමයත් සමගමෙරට තුළ සීග්‍රයෙන් පැතිර ගිය කොවිඩ්-19 වෛරසයේ 3 වන රැල්ල වේගයෙන් වර්ධනය වෙමින් ආසාදිතයින් සඳහා ප්‍රතිකාර කිරීම සඳහා රෝහල් පහසුකම් අවම වෙමින් තිබියදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ (NOCPCO) ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා 2021අප්‍රේල්මස 21 වන දින රජයේ රෝහල්වල ඇඳන් ධාරිතාවය වැඩිකරීම සඳහා අතිරේක ඇඳන් 10,000 ක් ලබාදෙන බවට ප්‍රකාශ කළේය.එතුමන්ගේ උපදෙස් මත ක්‍රියාත්මක වූ යුද්ධ හමුදා සාමාජිකයන් පළමු අදියර යටතේ ඉතා කෙටි කාලයක් තුළ එම ඇදන් 10,000 සම්පූර්ණ කරන ලදී.

ඒ අනුව යුද්ධ හමුදාධිපතිතුමන්ගේ අධීක්‍ෂණයයටතේඅද (22) වනවිට ඇඳන් 19,501ක් දිවයින පුරා ස්ථාපනය කර ඇතිඅතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයන් වෙත ලබාදී ඇත. මෙම ඇදන්වලන් බොහොමයක් පසුගිය අවුරුද්දේ කොරෝනා වසංගත තත්ත්වය හමුවේ යුද්ධ හමුදා මූලස්ථානයේයුධෝපකරණ මාස්ටර් ජෙනරල් (MGO) මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ කර්නල් සේනාවිධායක ගේ මඟපෙන්වීම මත කොස්ගම පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා මධ්‍යස්ථානයේදී සකස්කරන ලදී.මීට අමතරව, සෙනසුරාදා (22) වන විට යුද්ධ හමුදා භටපිරිස් විසින් ඇඳ ඇතිරිලි සහ කොට්ට 60,002 කප්‍රමාණයක් දසකස්කර අවසන් කර තිබීම ද විශේෂත්වයකි.   

ඒ අනුව, මේවන විට යුද්ධ හමුදාව විසින් ස්ථාපිත කරන ලද අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ රෝහල්වල ප්‍රතිකාර ලබන කොවිඩ්-19 වෛරසය ආසාදිත රෝගීන් සඳහා ඇඳන් 22,198 ක් ලබාදී ඇත.  

ආරක්‍ෂක සේනා ආඥාපතිවරුන්ගේ අධීක්‍ෂණය යටතේ දිවයින පුරා පිහිටි ආරක්‍ෂක සේනා මූලස්ථාන ආවරණය වන පරිදි ආරම්භ කරනු ලැබු මෙම ව්‍යාපෘතිය යටතේ ග්‍රාමීය රෝහල් සඳහා තාක්ෂණික සහය මෙන්ම ශ්‍රමදායකත්වය ලබාදෙමින් එම ප්‍රදේශවල ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂවරුන් සහ වෛද්‍ය වෘත්තිකයන් සමඟ සාකච්ඡා කර අප්‍රේල් මස තුන්වන සතිය වන විට අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන ස්ථාපනය කරන ලදී.

කොවිඩ්-19 ආසාදිතයින් සඳහා යුද්ධ හමුදාව විසින් ස්ථාපිත කරනු ලැබු අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන (ICCs)සහ රෝහල් ගොඩනැගිලි ඉදිකිරීම් පහත පරිදි වේ.

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ පෙරියපච්චපලෙයි,වඩුක්කෝඩි කාර්මික විද්‍යාලය, කෝපායි ජාතික විද්‍යාලය සහ නාවත්කුලිය යන ස්ථානයන් තුළ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන ස්ථාපිත කරන ලදී.

ආරක්‍ෂක සේනා මූලස්ථානය - කිලිනොච්චි යටතේ තිරුමුරුක්කන්ඩි, භාරතීපුරම්හී එවකට ස්ථාපිතව තිබු යුද්ධ හමුදා රෝහල සහ පරන්තන් යන ස්ථානයන් තුළ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන ස්ථාපිත කරන ලදී.

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ මඩකලපුව විශ්වවිද්‍යාලය -පූනනි,පුලතිසිපුර ගුරු විද්‍යාලය - ගාල්ල, නිලාවේලි සමෘද්ධි මධ්‍යස්ථානය, බ්‍රැන්ඩික්ස්-පූනානි, හාඩි කාර්මික විද්‍යාලය - අම්පාර, කන්දකඩු සහ කන්තලේ යොවුන් සේනාංක මධ්‍යස්ථානය, හින්ගුරක්ගොඩ සහ අම්පාරහෙඳ පුහුණු පාසල්තුළ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන ස්ථාපිත කරන ලදී.

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ68 වන සේනාංකයේ බලඇණි පුහුණු පාසල සහ පුතුකුඩුරිප්පු වීනාවිල් යන ස්ථානයන් තුළ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන ස්ථාපිත කරන ලදී.

ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ මන්නාරමටර්කි සිටි පාසල, වහමල්ගොල්ලෑවේ ස්ථාපිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා කර්මාන්ත ශාලාව, වවුනියාවආර්ථික මධ්‍යස්ථානය, ගල්කිරියාගම සිවිල් ආරක්‍ෂක බලකා පුහුණු පාසල සහ මිහින්තලේ සිවිල් ආරක්‍ෂක බලකා මධ්‍යස්ථානය යන ස්ථානයන් තුළ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන ස්ථාපිත කරන ලදී.

ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ යක්කල යොවුන් සේනාංක මධ්‍යස්ථානය, වතුපිටිවල යොවුන් සේනාංක මධ්‍යස්ථානය, බිංගිරිය ගුරු විද්‍යාලය, දඹදෙණියසාරිපුත්ත ගුරුවිද්‍යාලය, මදුරන්කුලි මර්ෂි අධ්‍යාපන මධ්‍යස්ථානය, රාජගිරිය ආයුර්වේදය, රම්බුක්කන බ්‍රැන්ඩෙක්ස්, ඇඹිලිපිටිය මහවැලි යොවුන් සේනාංක මධ්‍යස්ථානය,කහවත්තරුවන්පුර ගුරු විද්‍යාලය, දර්ගා ටවුන් ගුරු විද්‍යාලය,හොරණ පස්දුන්රට ගුරු විද්‍යාලය, කොළඹ විශ්වවිද්‍යාලයේ හොරණ ශ්‍රීපාලි කලාපීඨය,අක්මීමන - රුහුනගුරු විද්‍යාලය, කරන්දෙණිය ශික්‍ෂණ රෝහල, පොල්වත්තශික්‍ෂණ රෝහල,හබරදුවාශික්‍ෂණ රෝහල, බෙන්තොටශික්‍ෂණ රෝහල, වැලිගම ශික්‍ෂණ රෝහල, දෙයියන්දර ශික්‍ෂණ රෝහල, දෙණියාය, පල්ලේගම ශික්‍ෂණ රෝහල, බේරුවල ජමියා නලිමියා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය,බෙලිහුල්ඔය විදුලිබල මණ්ඩල පුහුණු මධ්‍යස්ථානය, මීගොඩ ආයුර්වේද රෝහල, මදුරංකේනි පාසල, බදුරලිය ආයුර්වේද රෝහල, ඉරණවිල රෝහල, කොළඹ විශ්විද්‍යාල ආයුර්වේද පීඨය, මීගෝඩා මානව සම්පත් මධ්‍යස්ථානය, අවිස්සාවෙල්ල මානව සම්පත් මධ්‍යස්ථානය, කලවාන විදුලිබල මණ්ඩල ගොඩනැගිල්ල, සීදූව බ්‍රැන්ඩික්ස්, මතුගම රෝහල, නාවින්න ආයුර්වේද රෝහල, කොළඹ කන්වෙන්ෂනල් මධ්‍යස්ථානය, වරියපොල වයඹ කෘෂිකාර්මික පුහුණු පාසල, මීතොටමුල්ල රජයේ වී වෙළඳසැල, රත්මලාන වෘත්තීය පුහුණු පාසල,රත්නපුර ආයුර්වේද රෝහල, පිලියන්දල ජම්බුරලිය ආයුර්වේද රෝහල, කෑගල්ල ආයුර්වේද රෝහල,වත්තරම කෑගල්ල මාලියදේව රජමහාවිහාරය,මීගොඩ ආයූර්වේද රෝහල, චන්ද්‍රිකාවැව රෝහල, ඇහැළියගොඩ රෝහල, බලන්ගොඩ රෝහල, බටපොල ප්‍රාදේශීය රෝහල, බද්දේගම රෝහල, හක්මන ගංගොඩගම ප්‍රාදේශීය රෝහල, දික්වැල්ලරෝහල, අකුරැස්ස රෝහල, හොරණ ගලවාගැනීමේ හමුදා මධ්‍යස්ථානය, පානදුර ළමා ආරක්‍ෂණ පුහුණු මධ්‍යස්ථානය සහඉදල්කන්ද ඇඟලුම් කම්හල.

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේකහගොල්ල ජාතික ගමනාගමන මණ්ඩල ගොඩනැගිල්ල,පොල්ගොල්ලමහවැලි ගුරු විද්‍යාලය, අගුනකොල පැලස්ස කෘෂිකර්ම පුහුණු පාසල, බිදුනුවැවගුරු විද්‍යාලය, පැණිදෙනිය ගුරු විද්‍යාලය, ගම්පොල යොවුන් සේනාංක මධ්‍යස්ථානය, ගම්පොල මීපිලිමාන යොවුන් සේනාංක මධ්‍යස්ථානය, හම්බන්තොට මහ රෝහල, අම්බලන්තොට රෝහල, මැදගම රෝහල, වලස්මුල්ල රෝහල, වැල්ලවාය යොවුන් සේනාංක මධ්‍යස්ථානය, කිරින්ද රෝහල, තංගල්ල රෝහල, බුත්තල රෝහල, බගවන්තලාව එන්.අයි.පී.එම්. මිද්දෙණිය ප්‍රාදේශීය රෝහල,නුවරඑළිය නගර ශාලාව,කිරම ප්‍රාදේශීය රෝහල, හම්බන්තොට වීරවිල යොවුන් සේනාංක මධ්‍යස්ථානය, සියබලාණ්ඩුව යොවුන් සේනාංක මධ්‍යස්ථානය, ලූනුගම්වෙහෙර යොවුන් සේනාංක මධ්‍යස්ථානය, මොණරාගල යොවුන් සේනාංක මධ්‍යස්ථානය, මාපකඩවැව යොවුන් සේනාංක මධ්‍යස්ථානය, බදුල්ල ජාතික ගමනාගමන මණ්ඩලමෙරිගෝල්ඩ් ගොඩනැගිල්ල, වැළිගත්ත කෘෂිකර්ම පීඨය.

53 වන සේනාංකය යටතේ නාලනද රෝහල, ගලේවෙල රෝහල, ලග්ගල රෝහල, මාතලේ කාර්මික විද්‍යාලය, අබන රෝහල, දබුල්ල කාර්මික විද්‍යාලය සහ ඉනමාළුව යොවුන් සේනාංක මධ්‍යස්ථානය.