Header

Sri Lanka Army

Defender of the Nation

23rd May 2021 17:53:26 Hours

යුද්ධ හමුදා භටපිරිස් හංවැල්ල ප්‍රදේශයෙන් ගලාබසින කැළණි ගඟේ ගං ඉවුර ප්‍රතිසංස්කරණය කරයි

අවස්සාවේල්ල හංවැල්ල, පොල්අත්තාව ප්‍රදේශයෙන් දැඩි ලෙස ඛාදනය වෙමින් තිබු කැළණි ගං ඉවුර ආරක‍‍්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 142 වන බලසේනාවේ භටපිරිස් අද (23) දින වැලි කොට්ට අතුරා ඉවුරු ඛාදනය අවම කිරීමට කටයුතු කළහ.

යුද්ධ හමුදා භටපිරිස්, පොලිස් නිලධාරීන් සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් ගං ඉවුර නිරීක්ෂණය කිරිමෙන් අනතුරුව 14 වන සේනාංකය යටතේ ස්ථාපිත 142 වන බලසේනාව යටතේ ඇති 10 වන ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් විසින් වැලි කොට්ට අතුරා ගං ඉවුරේ ආරක‍්ෂා‍ව තහවුරු කළේය.

ආරක්ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් විකුම් ලියනගේ සහ නිලධාරීන් යුද්ධ හමුදා භටපිරිස් සිදුකරන ප්‍රතිසංස්කරණ කටයුතු අධීක්ෂණය කළේය.