Header

Sri Lanka Army

Defender of the Nation

22nd May 2021 18:59:53 Hours

මන්නාරම සහ වන්නි භටපිරිස් නව කොරෝනා ආසාදිතයින් සඳහා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන සූදානම් කරයි

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි භටපිරිස් මන්නාරම, වවුනියාව සහ වහමල්ගොල්ලෑව යන ප්‍රදේශයන් තුළ කොවිඩ්-19 වෛරසය ආසාදිත රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීම සඳහා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන ස්ථාපිත කරයි.

මන්නාරම දිස්ත්‍රික් ලේකම්ගේ සම්බන්ධීකරණයෙන් 54 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් හේමන්ත බණ්ඩාරගේ උපදෙස් පරිදි මන්නාරම ‘ටර්කි සිටි’ පෞද්ගලික විද්‍යාලයේ භාවිතයට නොගත් ගොඩනැගිල්ලක පුද්ගලයන් 120 දෙනෙකුට ප්‍රතිකාර කිරීමේ හැකියාව ඇති අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ස්ථාපනය කරන ලදී.

543 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් අස්සල ආරච්චි ගේ අධීක්‍ෂණය යටතේ 7 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් දින හයක් වැනි කෙටි කාළයක් ස්ථාපිත කරනු ලැබු අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය මන්නාරම රෝහලේ බලධාරීන් වෙත නිල වශයෙන් භාරදෙන ලදී.

ඊට අමතරව, වවුනියාව දිස්ත්‍රික් ලේකම්ගේ සම්බන්ධීකරණයෙන් 542 වන බලසේනාවේ බලසේනාධිපතිගේ අධීක්‍ෂණය යටතේ 2 වන ඉංජිනේරු සේවා බලකායේ භටපිරිස් විසින් දින හයක් වැනි කෙටි කාළයක් තුළ වවුනියාව ආර්ථික වෙළඳ මධ්‍යස්ථානයේ පුද්ගලයින් 200 දෙනෙකුට ප්‍රතිකාර කිරීම සඳහා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ස්ථාපනය කරන ලදී.

ස්ථාපිත කරන ලද නව අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය 2021 මැයි 12 වන දින වවුනියාව රෝහලේ සෞඛ්‍ය බලධාරීන් වෙත නිල වශයෙන් බාරදෙන ලදී.

එමෙන්ම, ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 21 වන සේනාංක පරීශයේ පිහිටි වහමල්ගොල්ලෑවේ පිහිටි 2 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකාය වෙතින් පවත්වාගෙන යනු ලබන කර්මාන්තශාලාව පුද්ගලයන් 250 දෙනෙකුට ප්‍රතිකාර කිරීම සඳහා නව අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ස්ථාපනය කරන ලදී. 211 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් සමන් සේනරත්න ගේ අධීක්ෂණය යටතේ 2 වන ඉංජිනේරු සේවා බලකායේ භටපිරිස් විසින් දින 6 ක් වැනි කෙටි කාළයක් ස්ථාපිත කරනු ලැබු අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය 2021 මැයි මස 14 වන දින අනුරාධපුර රෝහලේ සෞඛ්‍ය බලධාරීන් වෙත නිල වශයෙන් බාරදෙන ලදී.