Header

Sri Lanka Army

Defender of the Nation

21st May 2021 09:05:41 Hours

කොවිඩ්-19 වෛරසය ආසාදිත පුද්ගලියන් 800 ක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති ​බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි

අද (22) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 3,547 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් 06 දෙනෙකු සහ මෙරටට පැමිණි විදේශීය පුද්ගලයින් 03 දෙනෙකු ලෙස වාර්තා වේ. ඉතිරි පුද්ගලයින් 3,538 දෙනා දේශීයව හඳුනාගත් ආසාදිතයින් ලෙස වාර්තා වේ. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, ඒ ආසාදිතයින් 800 ක් ලෙසය. ඊට අමතරව, ගම්පහා දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 617 ක් සහ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 297 ක් වාර්තා වේ. අනෙක් ආසාදිතයින් 1,824 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වේ.

අද (22) දින උදෑසන වනවිට, ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වු සම්පුර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 158,332 ක් ලෙස වාර්තා වේ. ඒ අතරින් අළුත් අවුරුදු සමයෙන් පසු වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 61,341 වේ.

අද (22) දින උදෑසන වනවිට, හදුනාගත් සම්පුර්ණ ආසාදිතයින්ගෙන් මේ වනවිට පුද්ගලයින් 125,359 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත. අද (22) දින උදෑසන වනවිට, රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ ආසාදිතයින් 31,841 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබති.

අද (22) දින උදෑසන 0600 වනවිට (පසුගිය පැය 24 තුළ) රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 1,828 ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.

අද (22) දින උදෑසන වනවිට (පසුගිය පැය 24 තුළ) ශ්‍රී ලංකාව තුළින් කොවිඩ්-19 වෛරසය ආසාදනය වී පුද්ගලයින් 44 දෙනෙකු මියගොස් ඇත. ඒ අනුව, අද (22) දින උදෑසන වනවිට ‍ශ්‍රී ලංකාව තුළින් කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී මරණයට පත් සම්පුර්ණ සංඛ්‍යාව 1,132 ක් දක්වා ඉහළ ගොස් ඇත.

2021 මැයි මස 21 දින රාත්‍රී 11.00 සිට දිවයිනටම බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක කරනු ලැබු සංචරන සීමාවන් මැයි මස 25 වනදා අලුයම 4.00 දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක වන අතර නැවත එදිනම (25) රාත්‍රි 11.00 සිට 2021 මැයි මස 28 වන දින අළුයම 4.00 දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක වේ.