Header

Sri Lanka Army

Defender of the Nation

21st May 2021 08:20:41 Hours

12 වන විජයග්‍රහණයේ සැමරුම් දිනයට සමගාමීව 64 වන සේනාංකයේ භටපිරිස් පොල්පැල 100 ක් බෙදාදෙයි

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරන ලද ‘තුරු මිතුරු නව රටක්’ රුක් රෝපණ ව්‍යාපෘතියට සමගාමීව රුක් රෝපණ වැඩසටහනක් ආරක්‍ෂක සේනා මුලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 64 වන සේනාංකය විසින් පවත්වන ලදී.

12 වන විජයග්‍රහණයේ සැමරුම් දිනයට සමගාමීව ගොවීන් අතර පොල් පැළ 100 ක් බෙදාහැරීමේ වැඩසටහනක් ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් උපාලි රාජපක්‍ෂ ගේ උපදෙස් මත 64 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් මංජුල කරුණාරත්න ගේ මඟපෙන්වීම මත පවත්වන ලදී. පළමු පැළ තොගය ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ ගම්වැසියන් අතර බෙදා හැරීම සඳහා ඔඩ්ඩුසුඩාන් විහාරස්ථානය වෙත භාර දෙන ලදී.

මෙම වැඩසටහන සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව ඉකුත් අඟහරුවාදා (18) දින පැවැත් වූ අතර, එම අවස්ථාව සඳහා 64 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් මංජුල කරුණරත්න සහ 642 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ශෂික පෙරේරා සහභාගී වූහ.