Header

Sri Lanka Army

Defender of the Nation

21st May 2021 09:55:41 Hours

11 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ භටපිරිස් ඊ-චැනලින් ක්‍රමවේදය ඔස්සේ එන්නත්කරණයට දායක වෙයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ප්‍රධාන සංඥා නිලධාරි සහ තොරතුරු තාක්‍ෂණ අධ්‍යක්‍ෂගේ සමීප අධීක්‍ෂණය යටතේ 11 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ භටපිරිස් මේවන විට ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල එන්නත් කිරීමේ ක්‍රියාවලියේ ජෛවමිතික දත්ත පරිගණක ගත කිරීම සඳහා තාක්ෂණික විශේෂඥ දැනුම හා මානව සම්පත් ලබා දී ඇත. ඊ-චැනලින් ක්‍රමවේදය යොදාගනිමින් (E-Channeling) එන්නත් කිරීමේ ක්‍රියාවලියට දායක වන අතර එමඟින් කෙටි කාලයක් තුළ ජනගහනයෙන් විශාල පිරිසකට එන්නත්කරණය සිදුකිරීමට හැකියාව ලැබෙනු ඇත.

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානිගේ උපදෙස් මත යුද්ධ හමුදා භටපිරිස් විසින් කොවිඩ්-19 ආසාදිතයින්, නිරෝධායන හා රෝහල් ගතවීම් ආදිය සම්බන්ධයෙන් සෞඛ්‍ය නිලධාරීන්ගේ සහයෝගය ඇතිව දත්ත ඇතුළත් කිරීමේ කටයුතුවල නිරතව සිටියි.