Header

Sri Lanka Army

Defender of the Nation

19th May 2021 20:00:40 Hours

යුද්ධ හමුදා භටපිරිස් ලේ දන්දීමේ වැඩසටහනකට එක්වෙයි

කිලිනොච්චි ලේ බැංකුවේ ඉල්ලීමකට අනුව, ආරක්‍ෂක සේනා මුලස්ථානය - කිලිනොච්චි යටතේ සේවයේ නියුතු භටපිරිස් ඉකුත් සඳුදා (17) දින කිලිනොච්චි යුද්ධ හමුදා රෝහල් පරිශ්‍රයේ පැවැති ලේ දන්දීමේ වැඩහනනකට එක්වූහ.

ආරක්‍ෂක සේනා ආඥාපති - කිලිනොච්චි මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ ලබාදුන් උපදෙස් මත පැවැති මෙම ලේ දන්දීමේ වැඩසටහන නිරීක්‍ෂණය කිරීමට ද ආරක්‍ෂක සේනා ආඥාපති එක්විය.

කිලිනොච්චි ලේ බැංකුවේ වෛද්‍ය නිලධාරි වෛද්‍ය නෙත්මා විජේතිලක සහ කිලිනොච්චි දිස්ත්‍රික් මහ රෝහලේ වෛද්‍ය කණ්ඩායම මෙම වැඩසටහනට අවශ්‍ය සහයෝගය දැක්වූහ. ආරක්‍ෂක සේනා මුලස්ථාන - කිලිනොච්චි යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 100 කට අධික පිරිසක් ස්වේඡාවෙන් ඉදිරිපත්ව ලේ පරිත්‍යාග කළහ.

වැඩසටහන අවසානයේදී කිලිනොච්චි දිස්ත්‍රික් මහ රෝහලේ කාර්ය මණ්ඩලය කිලිනොච්චි ප්‍රදේශයේ රෝගීන්ගේ ජීවිත බේරාගැනීම සඳහා යුද්ධ හමුදාව ලබාදුන් පරිත්‍යාගශීලිත්වය සහ සහයෝගය අගය කළහ.